Available Online

බුද්ධිමත් සංවාද - Meaningful Conversations

අපි කතා කරමු ජීවිතය ගැන, සමාජය ගැන, දර්ශනය සහ මතවාද ගැන, සාර්ථකත්වය ගැන...

  • 1 hour 30 minutes
  • 1,500 Sri Lankan rupees
  • ඔන්ලයින්‍ ZOOM EVENT

Service Description

✅ ඔබ කැමතිද, ඔබේ සන්නිවේදන කුසලතා දියුනු කරගන්න? ඔබේ හිතේ තියෙන අදහස්, මතවාද පැහැදිලිව වචන වලට හරවලා එලියට ප්‍රකාශ කරන්න පුහුණු වෙන්න? ✅ ජීවිතය ගැන, සමාජය ගැන, හැගීම් ගැන, පුද්ගල පෞර්ෂ සංවර්ධනය ගැන අලුත් දැනුම ඉගෙන ගන්න, ඔබේ ජීවිත අවබෝධය පුලුල් කරගන්න, ජීවිතය දියුනු කරගන්න ඔබ කැමතිද? ✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් කරන්න, හෘදයාංගම කතාබහක් කරන්න ඔබ කැමතිද? ✅ එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අය හදුන ගන්න, ඔවුන් සමග තමන්ගේ අදහස්, මතවාද සහ හැගීම් නිදහසේ ප්‍රකාශ කරන්න, ඒ සදහා පුහුණු වෙන්න පුලුවන් විදිහේ ප්‍රායෝගික පන්තියක් ගැන ඔබත් හොයමින් ඉන්නවද? ඔබත් එකතු වෙන්න MASTER CLASS සමග..., ⬛️🟥 MASTER CLASS 1 – බුද්ධිමත් සංවාද (Meaningful Conversation) (සෑම සතියකම සඳුදා රාත්‍රී 9.00 සිට 10.30 දක්වා) (අපි කතා කරමු; ජීවිතය ගැන, සමාජය ගැන, සාර්ථකත්වය Success ගැන, දේශපාලනය ගැන, ආර්ථිකය ගැන, අධ්‍යාපනය ගැන, දර්ශනය සහ මතවාද ගැන, ඔබේ ජයග්‍රහන සහ පරාජයන් ගැන, ජීවිත යුද්ධය දිනන ආකාරය ගැන, සමාජ සම්බන්ධතා සහ සමාජ කුසලතා ගැන, ව්‍යාපාර සහ මුදල් ඉපයීම ගැන, නිර්මානශීලීත්වය, රසවින්දනය සහ කලාව ගැන, චිත්‍රපට ගැන.....,) 🔵 MASTER CLASS - සංවාද මණ්ඩපය වැඩසටහන් වල අරමුණු... 🔸 විවේචනයට ඇති බය, විනිශ්චය වීමට ඇති බය, ප්‍රතික්ෂේප වීමට ඇති බය, වැනි ඔබේ සාමාජීය සාර්තකත්වය විනාශ කිරීමට හේතු වන රිනාත්මක මානසික පුරුදු කඩා බිද දමා, ශක්තිමත්ව නැගී සිටීමට ඔබව පුහුණු කිරීම. 🔸 ජීවිතය ගැන, සමාජය ගැන වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට දකින ඔබගේ අදහස්, මතවාද වලට වැදගත්කමක්, වටිනාකමක් ලබාදීම. 🔸 ඔබගේ කටහඬට ඉඩක් ලැබෙන විදිහේ, අදහස් ප්‍රකාශ කිරීම සදහා ඔබව දිරිගන්වන විදිහේ සුහදශීලී අවකාශයක් නිර්මාණය කිරීම. 🔸 ඔබේ අදහස් වලට ගැලපෙන, අලුත්, විශ්වාසවන්ත මිතුරු මිතුරියන් හදුනාගන්නට ක්‍රමවත් වැඩපිලිවෙලක් යටතේ අවස්තාවක් සැලසීම. 🔸 අර්ථවත් ගැඹුරු සංවාදයක් තුලින් ලැබෙන අව්‍යාජ මානසික සතුට, ආත්ම තෘප්තිය සහ සුවපත් භාවය අත්විදීමට ඔබටත් අවස්තාවක් සැලසීම. 🔸 ඔබේ අදහසට විරුද්ධ අදහස්, වෙනස් මතවාද සහ වෙනස් ආකල්ප වලට මුහුණදීමට සැලසීම මගින් ඔබේ මානසික ශක්තිය, දරාගැනීමේ හැකියාව, හැගීම් පාලනය කරගැනීමේ හැකියාව සහ තම මතවාදය වෙනුවෙන් නැගීසිටීමේ ධෛර්යය වර්ධනය කිරීම. 🔵 MASTER CLASS - සංවාද මණ්ඩපය වැඩසටහන් වල වැඩපිළිවෙළ... 🔘 සංවාදයට අදාල මාතෘකාව (Conversation Topic) සහ සාකච්ඡා කෙරෙන මූලික කරුණු (Discussion Questions) ඔබට සංවාදයට දින දෙකකට පෙර WhatsApp හරහා ලබා දෙනු ඇත. 🔘 සංවාදය ආරම්භයේදී ප්‍රධාන උපදේශක (නුවන් එදිරිසිංහ) විසින් ඔබව පිලිගැනීම සහ මූලික උපදෙස් ලබාදීම සිදු කරනු ලබයි. 🔘 අවශ්‍ය වුවහොත් ඔබව කුඩා සංවාද කව (Conversation Circles) වලට වෙන්කරනු ලබයි. (එක් කන්ඩායමක සාමාජිකයින් 6 සිට 10 දක්වා සිටිය හැක) 🔘 ඔබේ කන්ඩායම තුල සමගිය හා විශ්වාසය ඇති කිරීම සදහා, සංවාදය ආරම්භ කිරීමට පෙර, මද වෙලාවක් සරල කන්ඩායම් ක්‍රීඩාවක් (Ice Breaker) සිදුකරනු ලබයි. 🔘 ඔබ කන්ඩායම තුල සුව පහසු තත්වයකට පත්වූ පසුව ප්‍රධාන සංවාදය ආරම්භ කරයි. මෙහිදී සියලු දෙනාම කතා කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට උනන්දු කරවන නමුත්, දීර්ඝව කතා කිරීම අනිවාර්ය නැත. ඔබට හැකි ආකාරයෙන් සංවාදයට දායක විය හැක. 🔘 සම්පූර්ණ වැඩසටහන ප්‍රධාන උපදේශකගේ අධීක්ෂණය, පුහුණු කිරීම සහ මෙහෙයවීම මත සිදු කෙරෙනු ඇත. ♦️ ප්‍රධාන උපදේශක - නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක)