top of page
This service is not available, please contact for more information.

THE SPIRIT WARRIOR - 8 Week Course

ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.

Ended
From 7,500 Sri Lankan rupees
Online Sessions - (Zoom)

Available spots


Service Description

⚡️ ඔබත්‍ ඔබේ අධි සංවේදී කම (Highly Sensitive) සහ සහකම්පනය (Empathy) නිසා අන් අයගේ හැඟීම් දැනීම් සහ සිතිවිලි නිරායාසයෙන්ම දැනෙන කෙනෙක්ද? ⚡️ සමාජයේ බහුතරයක් දෙනා හිතන පතන විදිහට වඩා වෙනස් විදිහට හිතන ඔබ, තනිවම හෝ ඔබේම ක්‍රමයකට ජීවත් වෙන්න උත්සාහ කරනවාද? ⚡️ ඔබේ අවට සිටින අයට ඔබව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට අපහසු වීම නිසා, ඔබ සාමාජීයව හුදෙකලා වී සිටිනවාද? ⚡️ ඇතෙක් වගේ ශක්තිමත් පෞර්ෂයක් සහ ඕනෑම දෙයක් දරාගතහැකි අධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගැනීමට ඔබත් කැමතිද? 💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි. 💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා. 💫 අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගැනීම තුලින් ඔබේ ආත්ම විස්වාසය වගේම හැඟීම් කලමනාකරණය කරගැනීමේ හැකියාව (Emotional Regulation) දියුණු කරගන්න පුලුවන්. ☯️ මෙම SPIRIT WARRIOR - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි. ✳️ පාඨමාලා අන්තර්ගතය: 🔹 (Stoic Philosophy) අන් අයගේ නපුරු වචන, හැසිරීම් නිසා නිතරම පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගැනීමේ සහ බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය. 🔸 (Buddhist Psychology) බෞද්ධ දැනුම් පද්දතියේ සාරය (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය. 🔹 (Emotional Intelligence) ඔබේ හැඟීම් ක්‍රියාත්මක වෙන ආකාරය සහ හැඟීම් විසින් ඔබව මෙහෙයවෙන ආකාරය අවබෝධ කරගැනීම. 🔸 (Emotional Regulation Training) තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව. 🔹 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම. 🔸 (Mindfulness Practice) සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල පියවරෙන් පියවර පුහුණු කිරිම. 🔹 (Inner Child Work) ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්. 🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!! යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page