top of page
This course has started, but you can book the remaining sessions.

Unleash Your Potential - 8 Week Course

ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාව

  • Started Jun 7
  • From 7,500 Sri Lankan rupees
  • Online Sessions - (Zoom)

Available spots


Service Description

🔻 ඔබත්‍ ඔබේ යහපත් ගතිගුණ නිසා සමාජයේ අසාධාරණයට ලක් වෙනවද? 🔻 ඕනෑවට වඩා හොඳ වෙන්න ගිහින් ඔබ හැමවිටම පාඩු විඳිනවද? 🔻 හැමෝවම සතුටු කරන්න ගිහින්, ඔබට ඔබේ ජීවිතයේ සතුට මගහැරිලද? 💫 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි. 💫 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා. ◾ ඔබ ඔබේ වර්තමාන පවුර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? ඔබේ ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද? ◾️ පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන, බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, ආත්ම විශ්වාසය දියුනු කරගන්න ඔබ කැමතිද? ◾️ ඔබේ පෞර්ෂ සංවර්ධනය (Personal Development) සඳහා කැපවී වැඩ කරලා, අඩුපාඩු හදාගෙන ජීවිතය ජයගන්න ඔබටත් පුලුවන්! ⚡️ බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි. ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Intense Coaching & Training) තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය. ☯️ Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න. 🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්! ☯️ මෙම Unleash Your Potential - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන ඒ සදහා සුවිශේෂ මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි. ✳️ පාඨමාලා අන්තර්ගතය: 🔹 (Your Current Personality Type) ඔබේ වර්තමාන පෞර්ෂය තේරුම් ගැනීම. 🔸 (Your Weaknesses) ඔබේ පෞර්ෂයේ දැන් තිබෙන දුර්වලතා සහ අඩුපාඩු පැහැදිලිව හදුනා ගැනීම. 🔹 (Your Best Version) ඔබට ගොඩනගා ගන්නට වුවමනා මොන වගේ පෞර්ෂයක්ද? මොන වගේ චරිතයක්ද? 🔸 (Your Archetypes) ඔබ තුල ඇති නොයෙකුත් පුද්ගල චරිත සහ ඒවා නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම. 🔹 (Persona, Ego & Shadow) ඔබේ සමාජ ප්‍රතිරූපය නිවැරදිව ගොඩනගන ආකාරය සහ ඔබේ සැඟවී තිබෙන අඳුරු ශක්තීන් නිවැරදිව ප්‍රයෝජනයට ගන්නා ආකාරය 🔸(Overcome Fear, Doubt, Shame & Guilt) අනවශ්‍ය සහ හානිකාරක බය, සැකය, ලැජ්ජාව සහ වරදකාරී හැඟීම ඉක්මවා යන්නේ කෙසේද? 🔹 (Overcome People Pleasing, Obedience & Overthinking) අනවශ්‍ය ලෙස අන් අය සතුටු කිරීමට යාම, යටහත් පහත් කීකරු කම සහ ඕනෑවට වඩා පරිස්සම් වීම ඉක්මවා යන්නේ කෙසේද? 🔸 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම. 🔹 (Dealing with Toxic People) ඔබේ ජීවිතයේ සිටින විෂ සහිත මිනිසුන් හඳුනාගැනීම සහ ඔවුන්ට යට නොවී සිටින උපක්‍රම.


Upcoming Sessions


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page