top of page

Anger Management Program

තරහ පාලනය කිරීමේ කුසලතාවය දියුනු කරගෙන, ඔබේ මනසේ පාලනය ඔබේ අතට ගන්න.

  • 1 h
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකතන මාර්ගයෙන්

Service Description

* ඔබට අදික ලෙස තරහ යනවාද? කේන්ති ගිය විට ඔබට ඔබව පාලනය කරගත නොහැකිද? * ඔබේ හිතේ ඇතිවෙන ඒ විනාශකාරී කේන්තිය බාහිරට පිටකර ගැනීමට නොහැකි වූ විට, ඔබ ඔබටම හානි කර ගන්නවාද? * ඔබ ඔබේ ශරීරයට හානි කර ගන්නවාද? ඔබ ඔබටම පහර දී ගන්නවාද? සමහර විට ඔබේ අත පය කපා ගන්නවාද? අදික ලෙස මත්පැන් සහ මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙලාද? * ඔබ නිතරම ඔබට ආදරය කරන අයට රිදවනවාද? ඔබේ ආදරනීය පුද්ගලයන් හට පරුෂ වචනයෙන් බැන වදිනවාද? ඔවුන්ට පහර දෙනවාද? ඔබ ඔබේ දරුවන්ට ගහනවාද? ඔබේ තරහ දරුවන් පිටින් යවනවාද? * සමහරවිට ඔබට හේතුවක් නැතිවම තරහා යනවද? උදේට අවදි වෙන්නෙත්, රාත්‍රියේ නින්දට යන්නෙත් තරහින් පුපුරමින්ද? * මේ විනාශකාරී හැසිරීම් රටාව වෙනස් කිරීමට ඔබට වුවමනා වුවත්, ඔබේ සිහිය පවත්වා ගැනීමට නොහැකි වෙනවාද? මේ සටන කොතනින් පටන් ගන්නදැයි සිතා ගත නොහැකිද? * ඔබේත්, ඔබේ ආදරනීය පුද්ගලයින්ගේත් යහපත වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සුවපත් වන්නට, ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන්නට ඔබ සූදානම්ද? මෙම Anger Management Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ........................ ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ තරහා යනු රෝග ලක්ෂණයක් පමනයි. එය රෝග නිධානය නොවේ. මෙම වැඩසටහනේදී ඔබට තරහා යාමට හේතු වන මූලික ගැටලු සොයාගෙන ඒවාට පිලියම් කිරීම. * ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ මනස නිදහස් එකක් බවට පත් කිරීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ............... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ හිතේ තරහා ඇති වීමට පදනම් වන මූලික ගැටලු හදුනාගෙන පිලියම් කල නිසා, ඔබ ඇතුලාන්තයෙන්ම සුවපත් වීම. * තරහා විසින් ඔබේ හිත සම්පූර්ණයෙන්ම යටපත් වීමට පෙර, එහි පාලනය ඔබේ අතට ගැනීමට හැකි වීම. * ඔබේ ආදරනීය පුද්ගලයින් සහ දරුවන් වෙත ඔබේ සැබෑ ආදරය ලබාදීමට හැකි වීම. ඔවුන්ට බයෙන් සැකෙන් තොරව, විශ්වාසයෙන් ඔබව ඇසුරු කිරීමට හැකි වීම. * ඔබට ඔබේ සිතිවිලි සහ හැගීම් පැහැදිලිව හදුනාගතහැකි වීම නිසා ඔබට වැඩිහිටියෙක් ලෙස, පරිනත ආකාරයෙන් තීරණ ගැනීමට හැකි වීම. * ඔබේ ජීවිතයේ සිදුවූ අතීත වැරදි වලට ඔබටම සමාව දීමට හැකි වීම. ඔබට වැරදි කල අයට සමාව දී එම බන්ධනයන්ගෙන් නිදහස් වීම. * ඔබේ සියලු අතීත සිදුවීම් සහ අත්දැකීම් ශක්තියක් කරගෙන, ඔබේ අනාගතය ඔබට අවශ්‍යය පරිදි ගොඩනගා ගැනීමේ හැකියාව. * ඔබ ඔබට වටිනාකමක් දෙන්න සහ ආදරය කරන්න පටන් ගැනීම. ජීවිතය ගැන, සමාජය ගැන, දෙමවුපියන් ගැන, දරුවන් ගැන අලුත් විදිහට දකින්න හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page