top of page

Beat Depression & Start Living

විෂාදය සහ මානසික ආතතිය පරාජය කර, තෘප්තිමත් ජීවිතයක් අරඹන්න.

  • 45 minutes
  • 8,000 Sri Lankan rupees
  • Online Sessions - දුරකතන මාර්ගයෙන්

Service Description

* පැහැදිලි හේතුවක් නැතිව වුවත් ඔබ නිතරම ඉන්නේ දුකෙන්ද? මුලු දවසම කාමරයට වෙලා කම්මැලි කමෙන් ඉන්නවාද? ජීවිතයේ මහා හිස් බවක් දැනෙනවාද? මේ විදිහට ඔබේ ජීවිතයේ විශාල කාලයක් ගෙවිලා ගිහින්ද? * කිසිම දෙයක් කරන්න හිත දෙනනේ නැතිද? කිසි කෙනෙක් එක්ක කතා බහ කරන්න උනන්දුවක් නැතිද? කෑමක් බීමක් ගැනවත් ආසාවක් නැතිද? * ඔබේ ජීවිතය කිසි වටිනාකමක් නැති එකක් යැයි සිතෙනවාද? පවුලේ අයගෙන් ඈත් වී හුදෙකලාවේ කල් ගෙවනවාද? නිතරම වරදකාරී හැගීමක් (Guilt Feeling) ඔබව වෙලාගෙන තිබෙනවාද? * ජීවිතය ගැන ආසාවක් නැතිද? මැරෙනවා නම් හොදයි කියා සිතෙනවාද? සියදිවි නසාගැනීමේ සිතිවිලි සමග අරගල කරනවාද? ඔබට ඕනෑම වෙලාවක කෑගසා හඩන්නට හැකි තරම් දුකක් හිතේ හිරවී තිබෙනවාද? * ඔබට නින්ද යනවා අඩුද? නැත්නම් මුලු දවසම නිදිමතයිද? ඇගට කිසි පනක් නැතිද? කල්පනා ශක්තිය සහ මතක ශක්තිය දුර්වල වෙලාද? යමකට අවධානය යොමු කිරීම අපහසුද? තීරණ ගැනීමේ හැකියාව දුර්වල වෙලාද? * ඔබ නිතරම ඔලුව රදය, කොන්දෙ අමාරුව, හෙම්බිරිස්සාව/සෙම, බඩේ අමාරුව, ගැස්ට්‍රයිටීස් වැනි රෝග ලක්ෂණ වලින් පීඩා විදිනවාද? * ඔබේ මේ විශාදය (Depression) පරාජය කොට, නැවතත් ඔබේ සැබෑ ශක්තිය, සැබෑ සුන්දරත්වය මතුකර ගැනීමට ඔබ කැමතිද? ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන්නට ඔබ සූදානම්ද? මෙම Beat Depression & Start Living - Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ..... ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * "විශාදය" යනු රෝග ලක්ෂණයක් පමනයි. මෙම වැඩසටහනේදී එයට හේතු වන රෝග නිධානය සොයාගෙන ඒවාට පිලියම් කිරීම සිදුකරයි. * ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ මනස නිදහස් එකක් බවට පත් කිරීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Attention Training, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ...... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ විශාද තත්වය සදහා පදනම් වන මූලික ගැටලු හදුනාගෙන පිලියම් කල නිසා, ඔබ ඇතුලාන්තයෙන්ම සුවපත් වීම. ඔබේ වර්තමාන අභියෝග වලට එරෙහිව ධෛර්යමත්ව සටන් කරන්නට ආත්ම ශක්තිය ලැබීම. * ඔබට මගහැරී ගිය කාලය ගැන පසු නොතැවී, දැන් පටන් ඔබට හැකි උපරිමයෙන් ජීවිතය රසවිදීමටත්, ඔබට හිතවත් පිරිස සමග විනෝද වීමටත් හැකියාව ලැබීම. * ඔබට ආදරය කරන, ඔබ වෙනුවෙන් මෙතෙක් කල් කැපවීම් කල අයට ප්‍රති උපකාර කිරීමට හැකියාව ලැබීම. විශාදය නිසා ඔබට ජීවිතයේ අහිමිවී ගිය දේවල් නැවත ලබා ගැනීමට හැකි වීම. * ඔබ ඔබේ අභියෝගය ජයගත් ආකාරය අන් අයටත් ඉගැන්වීම මගින්, විශාදය නිසා පීඩා විදින තවත් බොහෝ දෙනාට පිහිට වීමට ඔබට හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page