top of page

Break Up Coaching -Strength Through Pain

ආදර සබදතාවක් බිදවැටුනු පසු නැවතත් ශක්තිමත්ව නැගී සිටින්නේ කෙසේද?

45 min
8,000 Sri Lankan rupees
Online Session - දුරකතන මාරගයෙන්

Service Description

* ඔබේ ආදර සම්බන්ධය බිදවැටුනාද? ඒ වේදනාව නිසා ඔබ අඩපන වෙලාද? * ඔබේ ජීවිතයේ සතුට, උද්‍යෝගය සහ බලාපොරොත්තු සහගත බව අතුරුදන් වෙලා ලොකු හිස් බවක් දැනෙනවාද? විරහ වේදනාව ඔබේ හිත යට කරගෙන දිගින් දිගටම දුක් දෙනවාද? * ජීවිතයට අරමුණක් නැති වෙලා වගේ දැනෙනවාද? ඔබ නොවටිනා කෙනෙක් කියලා හිතෙනවාද? * ඔබ මානසිකව පහලටම අදවැටුනු මේ වෙලාව, ඔබේ ජීවිතයේ වැදගත්ම පරිවර්තනයක් සිදු කිරීම සදහා යොදාගන්න ඔබ සූදානම්ද? ඔබේ ඒ වේදනාව ශක්තියක් කරගන්නට ඔබ කැමතිද? * ජීවිතයේ වැරදුන තැන් වලින් පාඩම් ඉගෙනගෙන, අලු මතින් නැගීසිටි ෆීනික්ස් පක්ශියා මෙන්, වඩාත් ශක්තිමත් ලෙස නැවතත් ජීවිතය ආරම්භ කරන්න ඔබ කැමතිද? මෙම BreakUp Coaching Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. * දුක, වේදනාව කියන දේ ජීවිතයේ අපට මගහැරිය නොහැකි අනිවාර්ය කොටසක්. නමුත් ඒ තාවකාලික වේදනාවට යට වෙලා ඔබේ ජීවිතය, ඔබේ අනාගතය විනාශ කරගතයුතු නැහැ. ඔබට පුලුවන් ඒ වේදනාව ඔබේ ජීවිතයේ විශාලම ශක්තිය බවට පත් කරගෙන, ඔබව නැවතත් වඩාත් ශක්තිමත්ව ගොඩනගන්න. ඔබට පුලුවන් මේ අවස්ථාව ඔබේ ජීවිතයේ විශාලම ධනාත්මක පරිවර්ථනය සදහා යොදා ගන්න. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ප්‍රායෝගිකව සහ ක්‍රමවත්ව සකස් කර ඇත. .... ** මෙම සති 08 ක අඛන්ඩ පුහුණු වැඩසටහන තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Your Strengths & Opportunities) ඔබේ වටිනාකම් මොනවාද? ඔබේ ශක්තීන් මොනවාද? 2. දෙවන සතිය - (Concepts & Reality) ආදරය ගැන ඔබ ඉගෙනගෙන ඇති සංකල්ප සහ යතාර්ථය පිලිබද සියුම් විශ්ලේෂනයක් සහ විග්‍රහයක්. 3. තුන්වන සතිය - (Real Love, Fake Love & Self Love) ඇත්ත ආදරය කුමක්ද? ආදරය වගේ පෙනෙන ආදරය නොවන දේ මොනවාද? ඔබ ඔබට ආදරය කරනවාද? 4. හතර වැනි සතිය - (Dealing with Self Doubt & Inner Critic) ඔබට චෝදනා කරන, ඔබව පහත හෙලන හානිකර සිතිවිලි හදුනාගෙන පරාජය කරමු. 5. පස් වන සතිය - (Attachment Vs Dependence) ආදරයෙන් බැදීම සහ අනෙකා මත රදා පැවතීම වෙනස් වන්නේ කෙසේද? 6. හයවන සතිය - (How to Forgive / Forget?) ඔබ ඔබට සමාව දෙන්නේ කෙසේද? ඔබ ඔහුට/ඇයට සමාව දෙන්නේ කෙසේද? හරි විදිහට අමතක කරන්නේ කෙසේද? 7. හත් වන සතිය - (Your Weaknesses & Solutions) ඔබේ දුර්වලතා සහ හානිකර ආදර සබදතා රටාවන් හදුනාගෙන, සාර්ථක අනාගත සබදතාවක් සදහා සූදානම් වීම. 8. අට වන සතිය - (Your Lessons & How to Love Smart?) ඔබේ අත්දැකීම් සහ අලුතින් ඉගෙනගත් පාඩම් ප්‍රයෝජනයට ගනිමින්, වඩාත් දක්ශ ලෙස ආදරය කරන්නේ කෙසේද? ...... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ මානසික වේදනාව ඉතා ඉක්මනින් සුවපත් කරගතහැකි වීම. * ඔබේ හිතේ ඇති ඔබටම දොස් කියන සිතිවිලි සහ ඔබව පහත හෙලන සිතිවිලි පරාජය කිරීම. * තරහ, වෛරය, එකට එක කිරීම, පලිගැනීම වැනි විනාශකාරී හැගීම් වලට යට නොවී ඔබේ සිත ආරක්ශා කරගැනීම. * ඔබට ත් ඔහුට/ඇයට ත් සමාව දී, අලුත් අත්දැකීම් සහ අවබෝධයකින් යුතුව වඩාත් සතුටුදායක ජීවිතයක් ආරම්භ කල හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page