top of page

Business Accelerator - Business Coaching

ඔබේ ව්‍යාපාරය එක තැන පල් වෙන්න නොදී ඉක්මනින් සාර්ථක කර ගන්නේ කෙසේද?

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Sessions - දුරකථන මාර්ගයෙන්

Service Description

* කාලයක සිට ව්‍යාපාරය එක තැන හිර වෙලාද? ඔබ දැනට වැඩ කරන විදිහේ ලොකු වෙනසක් කිරීමට මේ සුදුසු කාලය යැයි ඔබට හැගෙන්නේද? * ව්‍යාපාරික මනෝවිද්‍යාව, සමාජ මාධ්‍යය සහ අලෙවිකරණ උපක්‍රම නිවැරදිව භාවිතා කරමින්, මනා සැලසුමක් ඇතිව ඔබේ ව්‍යාපාරය අලුත්/ReDesign කරන්නට, වැඩිපුර සේවාදායකයින් / පාරිබෝගිකයින් ආකර්ශනය කර ගැනීමට ඔබට වුවමනාද? ඔබේ ව්‍යාපාරය එක තැන පල් වෙන්න දුන්නා ඇති. ඔබේ සිහිනය සැබෑ කරගන්න උපක්‍රමශීලීව වැඩ කරන්නට පටන් ගන්න. මෙම Business Accelerator - Coaching Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ............ ** මෙම සති 08 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ලෝකය පුරා සාර්ථක වයාපාර සදහා භාවිතා කරන නවතම ක්‍රමවේද, ඔබේ වයාපාරයට ගැලපෙන ලෙස යොදා ගනිමින්, ඉතාමත් කෙටි කලකින් ඔබට අවශ්‍යය ප්‍රතිඵල ලබාගත හැකි Blue Print එකකට අනුව ව්‍යාපාරය ReDesign කිරීම. * ව්‍යාපාරික මනෝවිද්‍යාව, සාර්ථක අලෙවිකරණ සහ විකුණුම් ක්‍රමවේද සහ ශක්තිමත් ව්‍යාපාර සැලසුමක් මගින් ඔබේ ඉලක්ක කරා වේගයෙන් ලගාවිය හැකි වීම. .................. ** මෙම සති අට තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Business Plan) ඔබේ ව්‍යාපාරයේ අත්තිවාරම වන්නේ ඔබේ "ව්‍යාපාර සැලසුම"යි. ශක්තිමත් ව්‍යාපාර සැලසුමක් සකස් කිරීම මුලින්ම සිදු කරනු ලබයි. 2. දෙවන සතිය - (Marketing & Sales Plans) ඔබේ භාන්ඩ / සේවා සමාජය තුලට ගෙනයාම, ජනප්‍රිය කරවීම සහ අලෙවි කිරීම සදහා සැලසුමක් සකස් කිරීම. 3. තුන්වන සතිය - (Branding & Positioning) ඔබේ ව්‍යාපාර නාමය (Brand) සහ ඔබේ වයාපාර සන්නාමය (Logo) නිවැරදිම පාරිබෝගික ප්‍රජාව (Target Audience) වෙත ගෙන යන්නේ කෙසේද? 4. හතර වැනි සතිය - (Strategy Planning) ව්‍යාපාරික මනෝවිද්‍යාව සහ අලෙවිකරණ උපායමාර්ග නිවැරදිව යොදාගැනීම. ඒවා ක්‍රියාත්මක කිරීම. 5. පස් වන සතිය - (Marketing Intro) ඔබේ ව්‍යාපාරයේ මූලිකම වෙලද ප්‍රවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීම සහ පුහුණුව. 6. හයවන සතිය - (1 Minute Pitch) ඔබේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි ඔබේ සාමාජීය පවුර්ෂය වෙනස් කිරීම සහ සමාජ සම්භන්ධතා (Networking) ඇතිකර ගැනීමට පුහුණු කිරීම. 7. හත් වන සතිය - (Social Media Marketing) Facebook, YouTube, Instagram වැනි සමාජ මාධ්‍යයන් ඔබේ ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සදහා නිවැරදිව යොදා ගන්නේ කෙසේද? 8. අට වන සතිය - (Problem Solving & Decision Making) අනපේක්ශිත ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ කෙසේද? හදිසි තීරණ නිවැරදිව ගන්නේ කෙසේද? ............ මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඔබේ ව්‍යාපාරය තව දුරටත් "ඇදගෙන යාම" (Survival) නවතා, දවසින් දවස දියුනු වන (Thriving) ව්‍යාපාරයක් බිහි කිරීමට හැකි වීම. * පැහැදිලි ක්‍රමවේදයකට අනුව ව්‍යාපාරය ඉදිරියට යන බැවින්, ඔබේ මානසික ආතතිය අඩු වීම සහ නිදහස වැඩිවීම සිදුවේ. මේ නිසා ඔබට ඔබේ පවුල, දරුවන් සහ සමාජ සම්බන්ධතා සදහා වැඩිපුර කාලයක් වෙන් කිරීමට හැකි වේ.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page