top of page

Conscious Parent - Parent Coaching Prog.

සාර්ථකව දරුවන් හදා වඩා ගන්නේ කෙසේද? ඔවුන් සමග සම්බන්ධ වන්නේ කෙසේද?

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ දරුවන් සමග සුහද කතාබහ අඩු වෙලාද? සම්බන්ධය ටිකෙන් ටික දුරස් වෙනවාද? * ඔබේ ප්‍රශ්ණ, ඔබේ දුක, තරහ සහ ආවේගයන් දරුවන් පිටින් යනවාද? ඔබට ඔබේ දරුවන් සමග තරහා යනවාද? * දරුවන් සමහරවිට හිතාමතාම ඔබව දුකට පත් කරන දේවල් කරනවාද? ඔවුන්ගේ ක්‍රියාවන් සහ අරමුණු තේරුම් ගැනීමට නොහැකිද? * ඔබට ඔබේ දරුවන්ට හොද මවක් / හොද පියෙක් වෙන්නට වුවමනා වුවත්, ඒ සදහා කරන උත්සාහය නිතරම අසාර්ථක වෙනවාද? * ඔබ ඔබේ දරුවන්ට ඇත්තටම ආදරෙයිද? දරුවන්ගේ යහපත වෙනුවෙන් යම් වෙනසක් කරන්නට ඔබ සූදානම්ද? මෙම Conscious Parent - Parent Coaching Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ** මෙම සති 06 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්. * ඉතාමත් ඉක්මනින්, ඔබේ දරුවන් සමග කෙරෙන සුහද කතාබහ සහ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවන් දියුනු කිරීම. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති නිසා, දරුවන් සමග එක්ව විනෝද ක්‍රීඩාවක් කරන ආකාරයෙන් පහසුවෙන් කලහැක. * මව සහ පියා දෙදෙනාම එකතු වී හෝ තනිවම එක් අයෙකුට පමනක් වුවත් මෙම වැඩසටහන සාර්ථකව කලහැක. ...... ** මෙම සති හය තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Personality & Qualities) ඔබේ දරුවන් කවුද? ඔබේ දරුවන් වඩා සියුම් ලෙස හදුනා ගැනීම. ඔවුන්ගේ පවුර්ෂය හොදින් තේරුම් ගැනීම. 2. දෙවන සතිය - (Ideas & Opinions) අදහස් සහ මතවාද. ඔබේ දරුවන් කැමති-අකමැති දේවල් මොනවාද? ඔවුන්ගේ අදහස් මොනවාද? 3. තුන්වන සතිය - (Core needs / Core Values) අවශ්යතා හදුනා ගැනීම. ඔබට ඔබේ ජීවිතය තුල වැඩියෙන්ම වටින දේවල් මොනවාද? ඔබේ දරුවන්ගේ ජීවිත තුල ඇත්තටම වටින දේවල් මොනවාද? 4. හතර වැනි සතිය - (Dark Side / Hot buttons) ගැටලු වලට මුල. ඔබේ රතු කට්ට පනින්නේ කොයි වෙලාවටද? ඔබට තරහා යන අවස්ථා මොනවාද? 5. පස් වන සතිය - (Life Experiences / Childhood / Inner Child) ඔබේ ළමා කාලයේ බලපෑම. ඔබේ දරුවන් සම්බන්ධ ගැටලු වලට බලපාන අතීත අමිහිරි අත්දැකීම් වලින් නිදහස් වෙන්න. සුවපත් වෙන්න. 6. හයවන සතිය - (Love languages) ආදරයේ භාෂා ආදරය දැනෙන්න ජීවත් වෙන්නේ කෙසේද? ඔබේ ආදර භාෂාවන් මොනවාද? ඔබේ දරුවන්ගේ ආදර භාෂාවන් මොනවාද? **** විශේෂයෙන් සකස් කල හෘදයාංගම සංවාද වැඩපිලිවෙල මගින් මේ සම්පූර්න වැඩසටහන පුරාවටම ඔබ සහ දරුවන් අධ්‍යාත්මිකව නැවතත් සම්භන්ධ කරවීම සහ ඔබේ අදහස් හුවමාරු කිරීමේ කලාව අලුත් කිරීම සිදු කෙරෙයි. ..... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ දරුවන් සමග මින් පෙර නොතිබූ ආකාරයක අන්‍යෝන්‍ය අවබොධයක්, මානසික බැදීමක් සහ මිත්‍රශීලී බවක් ඇති වීම. * විවෘතව, පැහැදිලිව සහ සුහදශීලීව කතාබහ කිරීමේ සහ අදහස් හුවමාරු කිරීමේ හැකියාවන් දියුනු වීම. * ආදරය දැනෙන්න ජීවත් වෙන්න පටන්ගැනීම නිසා වඩාත් තෘප්තිමත්ව, සතුටින් ජීවත් වියහැකි වීම. ඔබ දරුවන්ට සලකන ආකාරය ගැන ඔබට ආත්ම තෘප්තියක් ඇති වීම. * සමාව දීම, සමාව ගැනීම, තරහ පාලනය, හැගීම් ප්‍රකාශ කිරීම වැනි ඉතාම වැදගත් මෘදු කුසලතා දියුනු කරවීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page