top of page

Counselling - Heal Your Emotional Pain

මනෝවිද්‍යා උපදේශන සේවාව - මානසික වේදනා, දුක් පීඩා වලින් සුවපත් වෙන්න.

  • 45 minutes
  • 4,500 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

🔹 ඔබේ ජීවිතය එක තැන හිර වෙලාද? ඔබට සතුට ගෙනදෙන පුද්ගලයින් සහ ක්‍රියාකාරකම් වලින් ඔබ ටිකෙන් ටික දුරස් වෙනවාද? ඔබට විශාල තනිකමක්, පාලුවක් සහ හිස් බවක් දැනෙනවාද? 🔹 ඔබේ ආදර සම්බන්ධතා, දෙමවුපියන් හා පවුලේ අය සමග ඇති සම්බන්ධතා, දරුවන් සමග ඇති සම්බන්ධතා නිරෝගී නැති බව ඔබට දැනෙනවාද? බාහිරින් උපකාර ලබාගතහොත් මේ තත්වය වෙනස් කිරීමට හැකි බව ඔබට හැගෙනවාද? 🔹 ඔබේ මනසේ නිරෝගී බව නැතිවෙලාද? ඔබේ සිත නිසා කයත් ලෙඩ වෙලාද? ඔබේ නින්ද සහ ආහාර රටා යහපත් නැතිද? ඔබ මත්පැන් හා මත් ද්‍රව්‍යය වලින් සතුට සොයනවාද? 🔹 ඔබ ඉතාම අරගලකාරී කාලයක් පසුකරමින් යනවාද? ඔබේ ජීවිතය මේ මොහොතේ බරපතල වෙනස්කම් වලට ලක්වෙමින් තිබෙනවාද? 🔹 ඔබේ හැගීම් ඉතා උද්වේගකාරී ලෙස, ක්ෂණිකව වෙනස් වෙනවාද? ඔබ ඔබටම හානි කරගන්න සිතනවාද? අන් අයට හානි කිරීමේ සිතිවිලි ඇති වෙනවාද? ඔබේ මනස ඔබේ පාලනයෙන් ගිලිහී ගිහින්ද? 🔹 ඔබේ ආකල්ප, හැසිරීම් රටා, රිනාත්මක පුරුදු, ජීවිතය ගැන සිතන ආකාරය ආදිය වෙනස් කරගැනීමට ඔබට අවශ්‍යද? 🔸 අපි හැමෝගෙම හිත් වල මොනවා හරි හිර කරගත් දුකක් තියෙනවා.. කියන්න විශේෂ කතාවක් තියෙනවා. ඔබ ඔබවම නොසලකා හරින්න එපා. සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න. 🔸 මනස ගැන, හැගීම් ගැන, පවුර්ෂය ගැන, පුද්ගල සංවර්ධනය ගැන සහ මානව සම්භන්ධතා ගැන සම්පූර්ණ දැනුම සහ කුසලතා අපි උපතින් අරගෙන එන්නේ නැහැ. ඒ දැනුම හා පුහුණුව අපිට දෙමවුපියන්ගෙන් හෝ පාසලින් ලැබෙන්නෙත් නැහැ. සමාජයෙන් අපිට මේ දේවල් ඉගෙන ගැනීමට උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. 🔸 ඉතින් මේ ජීවිතයට අත්‍යාවශ්‍යය දැනුම, පුහුණුව සහ මගපෙන්වීම LifeCoach.lk තුලින් අපි ඔබට ලබා දෙනවා. 🔵 මෙම පුද්ගලික උපදේශන සේවාවේ විශේෂත්වයන්... ☎️ Online Counselling - දුරකථන මාර්ගයෙන් හෝ WhatsApp/Zoom වැනි App එකක් හරහා ඔබට මෙම උපදේශන සේවාව ලෝකයේ ඕනෑම තැනක සිට ලබාගතහැකයි. ✅ ඔබේ ගැටලු වලට පදනම් වූ, ඔබට මෙතෙක් කල් නොපෙනී තිබුනු මූලික හේතූන් අනාවරණය කරගැනීමට හැකි වීම. එම ගැටලු විසදා ගැනීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට හැකි වීම. ✅ ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ මනස නිදහස් එකක් බවට පත් කිරීම. ඔබේ මානසික ශක්තිය වර්ධනය වීම. ✅ ඔබේ ගැටලු විසදා ගැනීම සදහා, ඔබට මෙතෙක් කල් නොපෙනුන විකල්ප ක්‍රියාමාර්ගයන්, සරල විසදුම් සහ නොවරදින උපක්‍රම අනාවරණය කරගැනීමට හැකි වීම. ✅ විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. 🔹🔸 Psychotherapy, Cognitive Behavioral Therapy, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitization Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page