top of page

Emotional Intelligence Coaching Program

ඔබේ හැඟීම් හදුනාගෙන ඒවා පාලනය කොට, නොසැලෙන මනසක් ඇති කරගන්නේ කෙසේද?

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබ තරහ, බය, සතුට, දුක වගේ හැඟීම් වලට යටවෙලා ඒ අනුව වැරදි තීරණ ගන්නවාද? නොකලයුතු දේවල් කරනවාද? * ඔබේ මනස තුල, හැඟීම් ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් අරගෙන, ඒ හැගීම් ඔබේ පාලනය තුලට ගනීමට වුවමනාද? * බාහිර පුද්ගලයින්ගේ වචන වලට නොසැලෙන, පරිනත සිතක් ඇතිකරගන්න ඔබ කැමතිද? * ඔබේ මනස තුල ඇතිවෙන හැම ආකාරයකම හැඟීම් ගැන, සිතිවිලි ගැන හොද අවබෝධයකින් යුතුව, සිහියෙන් ජීවත් වෙන්න ඔබට වුවමනාද? මෙම Emotional Intelligence Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ............... ** මෙම සති 06 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්. * ඔබේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ ඔබේ ක්‍රියාව සහ හැසිරීම් අනුවයි. ඔබේ හැසිරීම පාලනය කෙරෙන්නේ ඔබේ සිතිවිලි සහ හැඟීම් මගිනි. ඉතින් ඔබ හැගීම් වලට යටවී ගියොත්, ඔබේ ක්‍රියාවත් පාලනයෙන් ගිලිහී යනවා. * හැඟීම් ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලිව හදුනාගෙන, හැඟීම් වලට යට නොවී, ඔබට අවශ්‍ය විදිහට ජීවත් වෙන්නට මෙම වැඩසටහන තුලින් ඔබව පුහුණු කෙරෙනවා. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති නිසා, අපගේ මගපෙන්වීම යටතේ ඉතා පහසුවෙන් ප්‍රතිඵල ලබාගත හැක. ................ ** මෙම සති හය තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Core Emotions & Auto-Pilot Behaviour) ඔබේ මූලික හැඟීම් මොනවාද? ඒවා ඔබේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වන්නේ කුමන ආකාර වලින්ද? 2. දෙවන සතිය - (Anger Management) ඔබේ සබදතා විනාශ කරන "තරහ" පාලනය කරන්නේ කෙසේද? 3. තුන්වන සතිය - (Facing & Overcoming Fear) ඔබේ බයවල් (Fear of Criticism, Fear of Failure, Fear of Success) හදුනාගෙන ඒවා පරාජය කරන්නේ කෙසේද? 4. හතර වැනි සතිය - (Happiness & Sadness) ඔබේ ජීවිතය දුක සහ සතුට තුල දෝලනය වන්නේ කෙසේද? සතුට මෙන්ම දුකත් ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? 5. පස් වන සතිය - (Hot Buttons & Triggers) ඔබව Auto-Pilot හැසිරීමට ඇද දමන, ඔබට දරාගැනීමට අපහසු වචන, පුද්ගලයින් සහ සිදුවීම් මොනවාද? 6. හය වන සතිය - (Empowering Observer Mind) හැඟීම් වලට යටවෙලා වැරදි ක්‍රියාවන්ට පෙලඹුනු ඒ දුර්වල චරිතයට සමුදී, මනා පාලනයකින් යුතු, ඉවසීමකින් යුතු ශක්තිමත් ජීවිතයක් ගොඩනගන හැටි. ................ මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * හැඟීම් වලට යට වෙලා, පසුතැවෙන විදිහේ වැඩ කරන එක නවතාගෙන, හොද පාලනයකින් යුතු හිතක් ඇති කර ගැනීම. * ඔබේ හැඟීම් මෙන්ම, අන් අයගේ හැඟීම් ගැනත් හොදින් අවබෝධ කරගැනීම නිසා, ඉතා සාර්ථකව සබදතා පවත්වාගෙන යාහැකි වීම. * දුර්වල චරිත ස්වභාවයන් පරාජය කොට, පරිනත මනසක් සහ හැසිරීම් රටාවක් ගොඩනගා ගැනීමට හැකි වීම. * මානසික පීඩනය, ආතතිය සහ Panic තත්වයන් අඩු කරගෙන, මානසික සැහැල්ලුවකින් යුතුව ජීවිතය රස විදින්නට හැකි වීම. * ඔබේ පවුල් ජීවිතය, මිතුරු ඇසුර සහ සාමාජීය ජීවිතය තුල ගැටලු අවම කරගෙන, තෘප්තිමත් ජීවිතයක් ගතකලහැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page