top of page

Liberation from Abusive Relationships

අතීතයේ ඔබට හානි කල පුදගලයින්ගේ අමිහිරි මතකයන්ගේ, බලපෑමෙන් නිදහස් වන්න.

  • 1 h
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* අතීතයේ සිදුවූ වේදනාකාරී, පීඩාකාරී, අමිහිරි සිදුවීම් වල මතකයන් නිසා ඔබ තවමත් දුක් විදිනවාද? ඔබේ මනස තුල එම සිදුවීම් තවමත් හොල්මන් කරමින්, බලපෑම් කරනවාද? * එම අතීත සිදුවීම් සමග ඇති අරගලය නිමා කොට, නිදහස් මනසකින් ජීවිතය රසවිදින්නටත්, සුන්දර අනාගතයක් නිර්මානය කරගැනීමටත් ඔබට වුවමනාද? * Domestic & Family Violence - ඔබේ සැමියා/බිරිද හෝ පෙම්වතා/පෙම්වතිය ඔබට පහර දුන්නාද? නිතරම ඔබව ශාරීරික සහ මානසික වද වේදනා වලට ලක් කලාද? * Abusive Family - ඔබේ දෙමවුපියන් හෝ පවුලේ අය ඔබට පහර දුන්නාද? ඔබව අධික ලෙස යටපත් කර, තර්ජනය කර පාලනය කලාද? ඔබේ මානසික වර්ධනය අඩාල වන ලෙස, හිතා මතා ඔබව දුර්වල කලාද? * Sexual Abuse - ඔබව ලිංගික අපයෝජනයට, බලහත්කාරකමකට හෝ වෙනත් වේදනාකාරී සිදුවීමක ගොදුරක් බවට පත්වුනාද? එම මානසික වේදනාවෙන් නිදහස් වීමට අවශ්‍යයිද? * Emotional Abuse - ඔබේ පවුලේ අය නිතරම ඔබව පහත් කොට කතා කලාද? ඔබව කොන් කර, වෙනස්කම් කලාද? ඔබට පහත් ආකාරයේ නම් කියමින්, පරුෂ වචන කියමින් ඔවුන් සතුටු වුනාද? වසර ගනනාවක් පුරා ඔබ දිනපතා ඒ දුක් උහුලමින් තනිවම හැඩුවාද? * Post-Traumatic Stress Disorder (PTSD) - අතීතයේ සිදුවූ වේදනාකාරී, සිතේ කාවැදී තිබෙන සිදුවීම් වල බලපෑමෙන් නිදහස් වී, සැහැල්ලු මනසක් ඇති කරගැනීමට ඔබ කැමතිද? * * * The Phoenix Project - Empower Yourself & Redesign Your Life - ගිනි ගෙන දැවුනු තමන්ගේ ම අලු මතින් නැවතත් තමාව නිර්මානය කරගෙන, වඩාත් ශක්තිමත්ව නැගී සිටින ෆීනික්ස් කුරුල්ලා මෙන්, ඔබත් ඔබේ ජීවිතය වඩාත් ශක්තිමත්ව ගොඩනගා ගන්නට සූදානම්ද? මෙම "Liberation from Abusive Relationships" Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. .......... ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ ගැටලු සහ ඒ සදහා ඇති පිලියම් පිලිබද මනා දැනුමක්, අවබෝධයක් සහ විනිවිද දකින බුද්ධියක් ඔබට ලබාදීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ......... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ හිතේ හිර කරගෙන සිටි, ඔබ තනිවම වේදනා විදපු ඒ ප්‍රශ්න ගැන විවෘතව කතා කිරීම සහ ඔබේ අවභෝධය පුලුල් කර ගැනීම තුලින්, විශාල මානසික සහනයක් ලැබීම. * ප්‍රශ්ණය පැහැදිලිව තේරුම් ගැනීම තුලින් මුලින්ම ඔබේ මානසික වේදනාවන් සහ පීඩාවන් දුරු කරගෙන, ඉන්පසු උපක්‍රමශීලීව එම තත්වයන් පාලනය කිරීමට හැකියාව ලැබීම. * එම අතීත මතකයන්ගේ බලය බිදෙන පරිදි ඔබේ මනස ශක්තිමත් කොට, එම මතකයන්ට එරෙහිව සටන් කොට අරගලය අවසාන කලහැකි වීම. ඔබේ ඒ සිතිවිලි වල පාලනය ඔබේ අතට ගැනීමට හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page