top of page

Life Purpose Program -Redesign Your Life

අරමුණක් ඇතුව සැලසුම්සහගතව ජීවිතය දිනන්නට අවශ්‍යය පුහුණුව සහ මග පෙන්වීම

  • 1 h
  • 9,500 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ ජීවිතය එකතැනක නතර වෙලාද? * ජීවිතයේ සතුට, උද්‍යෝගය සහ තෘප්තිය අතුරුදන් වෙලා, අලස කමක්, හිස් බවක් දැනෙනවාද? * පැහැදිලි අරමුණක් නැතිව, සැලසුමක් නැතිව ජීවිතය ඔහේ ගලාගෙන යනවාද? * ඔබේ ජීවිතයෙන් තමන්ටත් උපරිම සාර්ථකත්වයක් ලබාගෙන, සමාජයටත් උපරිම යහපතක් කලහැක්කේ කෙසේදැයි ප්‍රායෝගික සැලසුමක් සකස් කරන්නට කැමතිද? මෙම Life Purpose Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ........................ ** මෙම සති 08 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ජීවිතය කියන්නේ යුද්ධයක්. ඒ යුද්ධය සාර්තකව දිනන්නට නම් ඔබ ඔබේ ශක්තීන් සහ හැකියාවන් ගැන හොද අවබෝධයක් ඇතිව, පැහැදිලි සැලසුමකින් යුතුව ක්‍රියා කල යුතුයි. මෙම වැඩසටහන තුලින්, * ඔබට වැඩියෙන්ම සතුටක් ලබන්න පුලුවන් වෙන්නේ මොන විදිහේ ජීවිතයක්, මොන විදිහේ ජීවන ක්‍රමයක් තුලද කියන එක පැහැදිලිව සොයාගැනීමට පුලුවන් වෙනවා. * ඔබේ විශේෂත්වයන් හදුනාගෙන, ඔබ මේ ලෝකයට පැමිනියේ කුමන ආකාරයක අරමුණක් වෙනුවෙන්දැයි පැහැදිලි අදහසක් ලබාගත හැකි වෙනවා. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති නිසා, අපගේ මගපෙන්වීම යටතේ ඉතා පහසුවෙන් ප්‍රතිඵල ලබාගත හැක. ......................... ** මෙම සති අට තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Your Values) ඔබට ඇත්තටම ඕනා මොනවාද? ඔබට තෘප්තිමත් ජීවිතයක් ගතකරන්නට තිබියයුතු මූලිකම දේවල් මොනවාද? 2. දෙවන සතිය - (Your Hot Buttons) ඔබ අකමැතිම දේවල් මොනවාද? තෘප්තිමත් ජීවිතයක් ගතකරන්නට නම් ඔබ බැහැර කලයුතු දේවල් මොනවාද? 3. තුන්වන සතිය - (Your Strengths) ඔබේ ශක්තීන් මොනවාද? ජීවිතයේ වැරදුන, පැරදුන තැන් වලදී නැවත නැගීසිටින්නට ඔබට උදවු උනු ඔබේ ශක්තිමත් ගුණාංග මොනවාද? 4. හතර වැනි සතිය - (Your Passion, Talents & Skills) ඔබ දක්ෂ මොනවාටද? ඔබේ සහජ හැකියාවන් මොනවාද? ඔබේ ජීවිතය විශේෂ වන්නේ කුමක් නිසාද? 5. පස් වන සතිය - (Your Life Vision & Life Purpose) ඔබේ අනාගත ජීවිතය මොනවගේ එකක්ද? ඔබෙන් ලෝකයට සිදුවන සේවය කුමක්ද? 6. හයවන සතිය - (Your Fears & Limiting Beliefs) ඔබව එකතැන සිරකරන සිතිවිලි මොනවාද? ඔබ බය වන්නේ මොනවාටද? බය පරාජය කරන්නේ කෙසේද? 7. හත් වන සතිය - (SMART Goal Setting) ඔබේ අනාගතය සදහා ප්‍රායෝගික සැලසුමක් සකස් කරන්නේ කෙසේද? 8. අට වන සතිය - (Taking Action) පියවරෙන් පියවර ඔබේ සැලසුම ක්‍රියාවට නංවන්නේ කෙසේද? බාධා ජයගන්නේ කෙසේද? ...................... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ ජීවිතයට අවශ්‍ය මොනවාද? අනවශ්‍ය මොනවාද කියා පැහැදිලි අවබෝධයක්. * ඔබේ හැකියාවන්, ඔබේ ශක්තීන් සහ ඔබේ විශේෂත්වයන් පිලිබද පැහැදිලි දැක්මක්. * ඔබ බියවන්නේ මොනවාටද? ඒ බයවල් පරාජය කරන්නේ කෙසේද කියා පැහැදිලි අදහසක්. * ඔබට අවශ්‍ය අනාගත ජීවිතය ගැන, ඔබෙන් ලෝකයට කෙරෙන සේවය ගැන පැහැදිලි දැක්මක් සහ කලයුතු වැඩපිලිවෙලක්. * ඔබේ ජීවිතයට උපරිම වටිනාකමක් ලැබෙන, තෘප්තිමත් ජීවනක්‍රමයක් සදහා ආරම්භයක්.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page