top of page

Love Smart -Love & Relationship Coaching

ඔබේ ආදර සබදතාවය තුල ගැටුම් අවම කරගෙන, ආදරය සහ අවබෝධය වැඩි කරගන්න.

  • 45 min
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබ දෙදෙනා කොයි තරම් ආදරයෙන් ඉන්න හැදුවත් නිතරම රණ්ඩු / මත ගැටුම් ඇති වෙනවාද? * ඔබේ පෙම්වතා/පෙම්යවතිය ඔබව හරියට තේරුම්ගන්නේ නැතිද? ඔබ දෙදෙනා අතර ආදර කතාබහ, අදහස් හුවමාරුව අඩු වෙමින් යනවාද? * සුහද කතාබහ අඩු වෙලාද? නැවතත් ඔබේ පෙම්වතා/පෙම්යවතිය සමග හෘදයාංගමව සම්බන්ධ වෙන්නේ කෙසේදැයි සිතමින් තනියම දුක් විදිනවාද? * ඔබ ඔබේ පෙමවතා/පෙම්වතිය මත අසාමාන්‍යය ලෙස බැදී ගිහින්, ඔබේ සවාධීනත්වය නැති වෙලාද? සතුට නැති වෙලාද? මෙම LOVE SMART වැඩසටහන ඔබ වෙනුවන්ම විශේෂයෙන් සකස් කල එකකි. ....... ** මෙම සති 6 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ පෙම්වතා/පෙම්යවතිය ගේ සෘජු දායක වීමෙන් තොරව වුවද මෙය ඔබට තනිව ආරම්භ කල හැක. * පෙම්වතා/පෙම්යවතිය මේ සදහා පසුව සම්බන්ධ කරගැනීමට අපගේ විශේෂ ක්‍රමවේද හරහා පහසුවෙන් කලහැකිය. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සහ ප්‍රායෝගිකව සකස් කර ඇති නිසා, දෙදෙනා සමග එක්ව විනෝද ක්‍රීඩාවක් කරන ආකාරයෙන් පහසුවෙන් කලහැක. .......... ** මෙම සති හය තුල මූලිකව ආවරණය කෙරෙන අංශ. 1. පලමු සතිය - (Personality & Qualities) ඔබ කවුද? ඔහු/ඇය කවුද? ඔබව සහ ඔබේ පෙම්වතා/පෙම්යවතිය ව වඩා සියුම් ලෙස හදුනා ගැනීම 2. දෙවන සතිය - (What makes you happy?) සතුට ලබන මග ඔබ සහ ඔබේ පෙම්වතා/පෙම්යවතිය කැමති-අකමැති දේවල් (කෑම / ඇදුම් / ගමන් බිමන් / විනෝදාංශ / ...) 3. තුන්වන සතිය - (Core needs / Core Values) අවශ්යතා හදුනා ගැනීම ඔබ දෙදෙනාට ඔබේ ආදර සම්බන්ධය තුල වැඩියෙන්ම වටින දේවල් මොනවාද? 4. හතර වැනි සතිය - (Dark Side / Hot buttons) ගැටලු වලට මුල ඔබේ රතු කට්ට පනින්නේ කොයි වෙලාවටද? ඔබ දෙදෙනාට තරහා යන අවස්ථා මොනවාද? 5. පස් වන සතිය - (Life Experiences / Childhood / Inner Child) ළමා කාලයේ බලපෑම ඔබේ ආදර සම්යේබන්ධයේ ගැටලු වලට සම්භන්ධ අතීත අමිහිරි අත්දැකීම් වලින් නිදහස් වෙන්න. සුවපත් වෙන්න. 6. හයවන සතිය - (Love languages) ආදරයේ භාෂා ආදරය දැනෙන්න ජීවත් වෙන්නේ කෙසේද? ඔබේ ආදර භාෂාවන් මොනවාද? ඔබේ පෙම්වතා/පෙම්යවතියගේ ආදර භාෂාවන් මොනවාද? **** විශේෂයෙන් සකස් කල හෘදයාංගම සංවාද වැඩපිලිවෙල මගින් මේ සම්පූර්න වැඩසටහන පුරාවටම ඔබ දෙදෙනාව අධ්‍යාත්මිකව නැවතත් සම්භන්ධ කරවීම සහ ඔබේ අදහස් හුවමාරු කිරීමේ කලාව අලුත් කිරීම සිදු කෙරෙයි. ........... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබ දෙදෙනා තුල අතුරුදන්ව තිබූ ආදරය වෙනුවට වඩාත් හෘදයාංගම වූ, ගැබුරු ආදරයක් ඇතිවීම. * ඔබේ පෙම්වතා/පෙම්යවතිය සමග වඩාත් සංවේදී ලෙස කතා බහ කිරීම නිසා, අන්‍යොන්‍ය අවබෝධයක් සහිතව නැවතත් ආදරයෙන් බැදීමට හැකි වීම. * විවෘතව, පැහැදිලිව සහ සුහදශීලීව කතාබහ කිරීමේ සහ අදහස් හුවමාරු කිරීමේ හැකියාවන් දියුනු වීම. * ආදරය දැනෙන්න ජීවත් වෙන්න පටන්ගැනීම නිසා වඩාත් තෘප්තිමත්ව, සතුටින් ආදරය කිරීමට හැකි වීම. * සමාව දීම, සමාව ගැනීම, තරහ පාලනය, හැගීම් ප්‍රකාශ කිරීම වැනි ඉතාම වැදගත් මෘදු කුසලතා දියුනු කරවීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page