top of page

Marketing & Sales Performance Coaching

ඔබේ භාන්ඩ සහ සේවා අලෙවි කිරීමට අත්‍යාවශ්‍යය, සන්නිවේදන කුසලතා පුහුණුව.

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Sessions - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ විකිනුම් ඉලක්කයන් (Sales Targets) සපුරා ගැනීමට නොහැකිව, ඔබ මානසිකව කඩා වැටිලාද? * ඔබේ භාන්ඩ හෝ සේවාව, ගනුදෙනුකරුට ඉදිරිපත් කිරීමේදී ඔබට ප්‍රමානවත් සන්නිවේදන හැකියාවක් සහ ආත්ම විශ්වාසයක් නොමැතිද? * ඔබ නිතරම ප්‍රතික්ෂේප වීම් වලට, හරවා යැවීම් වලට ලක් වෙනවාද? එය 'විෂම චක්‍රයක්' සේ එකම රටාවකට සිදු වෙනවාද? * ඔබේ ආයතන ප්‍රධානීන් විසින් එල්ල කෙරෙන චෝදනා සහ අධික පීඩනය හමුවේ ඔබ අසරණ වෙලාද? මානසිකව මෙන්ම කායිකවත් ලෙඩ වලාද? * ඔබේ සන්නිවේදන හැකියාව, අලෙවිකරණ උපායමාර්ග, විකිණුම් කුසලතා දියුණු කරගෙන, ඔබේ විකිණුම් ඉලක්කයන් ඉතා පහසුවෙන් ලගා කරගන්නට ඔබට වුවමනාද? ඒ සදහා කැපවී වැඩ කරන්නට ඔබ සූදානම්ද? මෙම Marketing & Sales Performance Coaching - Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ** මෙම සති 08 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ලෝකය පුරා විකිණුම්කරණය සදහා භාවිතා කරන නවතම සාර්ථක ක්‍රමවේද, ඔබේ භාන්ඩ හෝ සේවාවට ගැලපෙන ලෙස යොදා ගනිමින්, ඉතාමත් කෙටි කලකින් ඔබට අවශ්‍යය ඉලක්කයන් "Targets" වෙත යාමට හැකි වැඩපිලිවෙලක් සකස් කිරීම. * ව්‍යාපාරික මනෝවිද්‍යාව, සාර්ථක අලෙවිකරණ සහ විකුණුම් ක්‍රමවේද සහ හොදින් පුහුණු කල සන්නිවේදන කුසලතා මගින් ඔබේ ඉලක්ක කරා වේගයෙන් ලගාවිය හැකි වීම. ** මෙම සති අට තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. (Role Play & Understanding Current Weaknesses & Strengths) ඔබේ වර්ථමාන දුර්වලතා, අභියෝග සහ ශක්තීන් හදුනා ගැනීම. 2. (Decision Making Process) මිනිසුන් තීරණ ගන්නා ප්‍රධාන ආකාර සහ ඔබේ ගණුදෙනු කරුගේ තීරණ ගැනීමේ රටාව තේරුම් ගැනීම. 3. (Developing Your Strategic Sales Pitch) ඔබේ ප්‍රධාන විකිණුම් කතාව (Sales Pitch) සැලසුම් කිරීම සහ පුහුණු වීම. 4. (Understanding & Managing the EGO) ඔබේ සහ ඔබේ ගනුදෙනුකරුගේ EGO එක (මමත්වය) ක්‍රියාත්මක වන අයුරු තේරුම් ගෙන, එය නිසි ලෙස යොදා ගැනීම. 5. (The Power Of Right Questions & Preparation) නිවැරදි ප්‍රශ්‍ණ නිවැරදි වෙලාවට අහන්නේ කෙසේද? 6. (Developing Empathy, Caring & Trust) ඔබේ ගනුදෙනුකරු ගැන ඇත්තම වුවමනාවක්, තේරුම් ගැනීමක් ඇති කරගෙන, හොද විශ්වාසයක් ගොඩනගාගන්නේ කෙසේද? 7. (Sales Strategies & Closing) විකිණුම් උපක්‍රම සහ ගනුදෙනුව අවසන් කිරීමේ සාර්ථක ක්‍රමවේද. 8. (Problem Solving & Role Play) අනපේක්ශිත ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ කෙසේද? හදිසි තීරණ නිවැරදිව ගන්නේ කෙසේද? ............ මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඔබේ ගනුදෙනු කරුවන් සමග ඉතා හොද, ව්‍යාපාරික සබදතාවක් පවත්වා ගනිමින්, ඔබේ විකිණුම් ඉලක්ක පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබීම. * ඔබේ දැනුම, හැකියාවන් සහ ආත්ම විශ්වාසය ඉහල නැන්වීම තුලින්, ඔබේ මානසික ආතතිය අඩු වීම. මේ නිසා ඔබට ඔබේ උපරිම හැකියාව සහ ශක්තිය යොදාගෙන වැඩ කලහැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page