top of page

Overcome Addictions &Abnormal Behaviours

ඇබ්බැහි වීම්, සමාජ විරෝධී /අසාමාන්‍යය හැසිරීම් රටා වල පීඩාවෙන් මිදෙන්න

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබ අධික ලෙස දුම් පානය, මත්පැන් සහ/හෝ මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වෙලාද? එයින් මිදෙන්නට වුවමනාද? * ඔබ ඔබව මත්වෙන ආකාරයේ බෙහෙත් වර්ග වලට සහ වේදනා නාශක වලට ඇබ්බැහි වෙලාද? * ඔබ හානිකර ආහාර රටාවන්ට Food Addictions) ඇබ්බැහි වෙලාද? Bulimia, Anorexia වැනි Eating Disorders නිසා ඔබේ ජීවිතය විනාශය කරා යනවාද? * Obsessive compulsive disorder (OCD) නිසා ඔබ පීඩා විදිනවාද? ඔබේ සමහර සිතිවිලි සහ ක්‍රියාවන් ඔබට නවතාගත නොහැකි ලෙස බලවත්ව ක්‍රියාත්මක වෙනවාද? * ඔබ ලිංගකත්වයට සම්බන්ධ ඇබ්බැහි වීම් සහ අසාමාන්‍යය හැසිරීම් රටා නිසා පීඩා විදිනවාද? Masturbation, Pornography, Cybersex/Phone Sex, Multiple Anonymous Partners, Unsafe Sexual Activity, Sexual Aversion, Prostitution, Sexual Deviation සහ Paraphilia තත්වයන් තේරුම් ගැනීමට සහ පාලනය කරගැනීමට නොහැකිව දුක් විදිනවාද? * ඔබ අධිකව වීඩියෝ ක්‍රීඩා කිරීම, අධික සමාජ මාධ්‍යය භාවිතය, අධික ව්‍යායාම කිරීම, අධික රාජකාරි වැඩ කිරීම, අධික බඩු භාන්ඩ මිලට ගැනීම සහ අධික ගේ දොර පිරිසිදු කිරීම වැනි ක්‍රියාවන්ට ඇබ්බැහි වී, ඒවාගෙන් ගැලවීමට නොහැකිව සිරවී සිටිනවාද? * ඔබ පුරුද්දක් ලෙස කෙරෙන සූදු කෙලියට, සොරකම් කිරීම් වලට සහ සමාජ විරෝධී ක්‍රියා වලට ඇබ්බැහි වෙලාද? එම ක්‍රියා වලින් වෙන් වීමට නොහැකිද? * ඔබ ඔබව කපා ගැනීම, තුවාල කරගැනීම, බඩු පොලවේ ගැසීම සහ ඔබ අවට සිටින අයට පහර දීම පුරුද්දක් ලෙස කරගෙන යනවාද? එය පාලනය කරගැනීමට අවශ්‍යයිද? * ඔබේ හැසිරීම් රටාවේ කිසියම් අසාමාන්‍යය බවක් ඇතිදැයි සැකයක් තිබෙනවාද? ඒ පිලිබද ඔබගේ අවබෝධය පුලුල් කරගැනීමට වුවමනාද? මෙම Overcome Addictions & Abnormal Behaviours Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. .......... ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ මනස නිදහස් එකක් බවට පත් කිරීම. * ඔබේ ගැටලු සහ ඒ සදහා ඇති පිලියම් පිලිබද මනා දැනුමක්, අවබෝධයක් සහ විනිවිද දකින බුද්ධියක් ඔබට ලබාදීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ............... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ හිතේ හිර කරගෙන සිටි, ඔබ තනිවම වේදනා විදපු ඒ ප්‍රශ්න ගැන විවෘතව කතා කිරීම සහ ඔබේ අවභෝධය පුලුල් කර ගැනීම තුලින්, විශාල මානසික සහනයක් ලැබීම. * ප්‍රශ්ණය පැහැදිලිව තේරුම් ගැනීම තුලින් මුලින්ම ඔබේ මානසික වේදනාවන් සහ පීඩාවන් දුරු කරගෙන, ඉන්පසු උපක්‍රමශීලීව එම තත්වයන් පාලනය කිරීමට හැකියාව ලැබීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page