top of page

Overcome Inner Critic - Mindset Coaching

රිනාත්මක සිතිවිලි පරාජය කරමු. ඔබේ සිත තුල සිටින සතුරන් විනාශ කරමු.

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ සිත නිතරම ඔබට කියන්නේ රිනාත්මක දේවල්ද? ඔබට ඕන දේ වෙනුවට, හිතට ඕනා දේ කරනවාද? * ඔබේ සිත තුල ඇහෙනා කටහඬක් නිතරම ඔබට අසාධාරණ ලෙස චෝදනා කරනවාද? * හොද සහ නරක හඬවල් දෙකක් නිතරම ඔබේ සිත තුල වාද කරනවාද? අරගල කරනවාද? * ඔබේ සිත තුල සිටින සතුරා පරාජය කොට, සිත තුල සිටින මිතුරා බලවත් කර, ඒ මගින් සාර්ථක ජීවිතයක් ගතකරන්නට ඔබත් කැමතිද? * ඔබට චෝදනා කරන, ඔබව සැක කරන, ඔබව පහත හෙලන අසාධාරණ හිතක් වෙනුවට, ඔබට ආදරය කරන, ඔබව විස්වාස කරන, ඔබට කරුණාවෙන් කතා කරන හිතක් ඇති කරගන්න ඔබ කැමතිද? මෙම Overcoming Negative Inner Voices Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ........................ ** මෙම සති 04 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබ කිසිම තේරුමක් නැතුව හැම දෙකටම බය වෙවී ඉන්නවනම්, Fear of judgement, Fear of Failure, Social Anxiety, Panic Attacks, මේ වගේ ප්‍රශ්ණ වලින් ඔබත් බැට කනවානම්... Root Couse එක , මූල හේතුව තමයි මේ Negative Inner Voices... * ඔබේ හිතට කාවැදුණු මේ බොළඳ, අහේතුක බයවල් වලට සම්බන්ධ Inner Voices හොයාගෙන, හැකිනම් ඒවාට අදාළ පුද්ගලයින් ගැන තේරුම් අරගෙන, ඒවාට එරෙහිව සටන් කරන තුරු... ශක්තිමත් Positive Inner Voice එකක් ඔබේ යටි සිතට කාවද්දා ගැනීමට කැපවී වැඩ කරන තුරු... ඔබ ජීවත් වෙන්නේ මානසික සිර ගෙයකයි... * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති නිසා, අපගේ මගපෙන්වීම යටතේ ඉතා පහසුවෙන් ප්‍රතිඵල ලබාගත හැක. ............... ** මෙම සති හතර තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Understanding Inner Voices) ඔබව පාලනය කරන, ඔබව පහත හෙලන, ඔබව විවේචනය කරන රිනාත්මක සිතිවිලි මොනවාද? ඒවා ඇති වුනේ කවදාද? කොහොමද? 2. දෙවන සතිය - (Developing the Observer Mind) සිත තුල සිටින සතුරන් හදුනාගෙන, ඒවාට මුහුන දීම. මූලික උපක්‍රම ක්‍රියාත්මක කිරීම සහ සිතිවිලි ගැන සිහිය දියුනු කිරීම. 3. තුන්වන සතිය - (Deep Analysis & Labeling) ඔබේ ළමා කාලය ගෙවුනු ආකාරය සහ ඔබේ පවුර්ෂ වර්ධනයට වඩාත්ම බලපෑ පුද්ගලයින්. Negative Inner Voices සහ Inner Critic නිර්මානය වී ඇත්තේ කෙසේද? 4. හතර වැනි සතිය - (Warrior Mind-Set) ඉතාම ශක්තිමත් මනසක් ගොඩනගාගෙන, රිනාත්මක සිතිවිලි වලට පහර දෙන්නේ කෙසේද? ජයග්‍රහණය කරන තුරුම අත් නොහරින, යුධ භටයෙකුගේ මානසිකත්වයක් ඇතිව ඔබේ අරමුණු කරා යන්නේ කෙසේද? ................... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ හිතට ඕනා ඕනා විදිහට ඔබව පාලනය කරන්න ඉඩ නොදී, ඔබේ ජීවිතයේ පාලනය ඔබේ අතට ගැනීම. * ඔබව විවේචනය කොට පහත හෙලන සිතිවිලි වෙනුවට, ඔබට හයිය දෙන, උනන්දු කරවන, මිත්‍රශීලී සිතිවිලි ඇතිකර ගැනීම. * තීරණ ගැනීමේ හැකියාව දියුනු වීම සහ ඔබේ සිතිවිලි සහ හැගීම් ගැන පැහැදිලි බවක් ඇති වීම. * ඔබ ඔබටම ආදරය කිරීමට පටන් ගැනීම සහ ආත්ම විශ්වාසය දියුණු වීම. * ඔබේ ජීවිතයට උපරිම වටිනාකමක් ලැබෙන, තෘප්තිමත් ජීවනක්‍රමයක් සදහා ආරම්භයක් සකස් වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page