top of page

Overcome Social Anxiety & Self Doubt

සමාජයට ඇති අනිසි බිය සහ ලැජ්ජාව පරාජය කොට, ඔබට අවශ්‍යය දෙය ලොවට කියන්න

  • 1 h
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබට මිනිසුන් සමග කතාබහක් ආරම්භ කිරීමට සහ අලුතෙන් යහලුවන් ඇතිකරගැනීමට අපහසුද? සමාජ භීතිකාව නිසා ඔබ පිරිස ගැවසෙන තැන්, උත්සව සහ සැමරීම් මගහරිනවාද? * ඔබේ අදහස් සහ මතවාද අන් අයට ප්‍රකාශ කිරීම ඔබට අපහසුද? අන් අය ඔබේ අදහසට විරුද්ධ වේවිද (Fear of Rejection), ඔවුන් ඔබ ගැන මොනවා හිතාවිද (Fear of Judgement) යැයි ඔබේ සිත තුල අරගලයක් තිබෙනවාද? * ඔබ නිතරම තමන්ගේ කාමරය තුලට වී තනිවම කාලය ගෙවනවාද? Video Games, Social Media වැනි දේවල් වලට යොමු වීමෙන් ඔබේ පාලුව මකා ගන්නවාද? පවුලේ අය, නෑදෑයන් සමග වුවත් වැඩි ඇසුරක් නැතිද? * ඔබ නිතරම අන් අයගේ කැමැත්ත දිනාගන්නට, හොද නම දිනා ගන්නට උත්සාහ කරන කෙනෙක් (People Pleaser) ද? ඒ නිසා ඔබ අකමැති දෙයට "නැහැ" "බැහැ" යැයි කීමට ඔබට අපහසුද? නිතරම අන් අයට වුවමනා දෙය කරන්නට සිදු වෙනවාද? * ඔබ ඉතාම ලැජ්ජාවෙන් (Shyness) යුතුද? පිරිසක් ඉදිරියේ කතා කිරීම ඉතා අපහසුද? අන් අයගේ අවධානය ඔබ වෙත යොමු වෙන එක දරාගැනීමට අපහසුද? නිතරම තම මුහුන සැගවීමට උත්සාහ කරනවාද? * ඔබ නිතරම ඔබේ හැකියාවන් සහ අදහස් ගැන සැක කරනවාද? ඔබේ මනස විසින්ම ඔබව පහත හෙලනවාද? ඔබ අන් අයට වඩා වටිනාකමෙන් අඩු යැයි හැගීමක් ඔබට තිබෙනවාද? ඔබේම රිනාත්මක සිතිවිලි ඔබේ දියුණුව වලකනවාද? * ඔබේ ඒ අඩුපාඩු හදාගෙන, ඔබ කවුරුදැයි සමාජයට පෙන්වීමට, ඔබේ කටහඩට පන දී ඔබට අවශ්‍යය දෙය ලොවට කියන්නට ඔබ කැමතිද? ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන්නට ඔබ සූදානම්ද? මෙම Overcome Social Anxiety & Self Doubt - Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ..... ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ "සමාජ භීතිකාව" යනු රෝග ලක්ෂණයක් පමනයි. මෙම වැඩසටහනේදී එයට හේතු වන රෝග නිධානය සොයාගෙන ඒවාට පිලියම් කිරීම සිදුකරයි. * ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ මනස නිදහස් එකක් බවට පත් කිරීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Attention Training, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ...... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ ලැජ්ජාව සහ බය සදහා පදනම් වන මූලික ගැටලු හදුනාගෙන පිලියම් කල නිසා, ඔබ ඇතුලාන්තයෙන්ම සුවපත් වීම. ඔබේ අභියෝග වලට එරෙහිව ධෛර්යමත්ව සටන් කරන්නට ආත්ම ශක්තිය ලැබීම. * අන් අය ඔබ ගැන සිතන දෙයට ඇති බය ජයගෙන, ඔබ කැමති විදිහට ජීවත් වීමටත්, කට ඇරල "නැහැ" "බැහැ" කියන්නටත් පුහුණු වීම. * අලුත් මිතුරු මිතුරියන් ඇතිකර ගැනීමටත්, ඔවුන් සමග පහසුවෙන් කතාබහ කිරීමටත් හැකි වීම. සමාජ බිය නිසා ඔබට ජීවිතයේ අහිමිව තිබූ දේවල් ලබා ගැනීමට හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page