top of page

Personality Development Program -12weeks

දැනුම, ආකල්ප සහ සමාජ කුසලතා දියුනු කරගෙන, ඔබේ හොදම පවුර්ෂය ගොඩනගන්න.

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබ ඔබේ පවුර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? * ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද? * ඔබේ ජීවිතයේ අඩුපාඩු තිබෙන අංශ සාර්ථක කරගෙන, ඔබට තෘප්තිමත් වියහැකි ආකාරයේ ජීවිතයක් ගොඩනගාගන්න කැමතිද? * බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, ආත්ම විශ්වාසය දියුනු කරගන්න ඔබ කැමතිද? ** බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පවුර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි. ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් තුලින් පුද්ගල පවුර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය. මෙම පවුර්ෂ සංවර්ධන වැඩසටහන ඒ සදහා විශේෂ මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි. ................ ** මෙම සති 12 තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Your Current Personality Type) ඔබේ වර්තමාන පවුර්ෂය තේරුම් ගැනීම. 2. දෙවන සතිය - (Your Weaknesses) ඔබේ පවුර්ෂයේ දැන් තිබෙන දුර්වලතා සහ අඩුපාඩු පැහැදිලිව හදුනා ගැනීම. 3. තුන්වන සතිය - (Your Best Version) ඔබට ගොඩනගා ගන්නට වුවමනා මොන වගේ පවුර්ෂයක්ද? මොන වගේ චරිතයක්ද? 4. හතර වැනි සතිය - (Goal Setting for New Skills) අලුත් හැකියා ඇති කරගැනීමට සැලසුම් සකස් කිරීම. 5. පස් වන සතිය - (Facing Your Fears) ඔබ බය වන්නේ කුමකටද? ඔබේ දියුනුව වනසන, ඔබව අඩපන කරන බයවල් මොනවාද? 6. හය වන සතිය - (Childhood Wounds) ඔබේ දුර්වලතා වලට හේතු වන ළමා කාලයේ බලපෑම් තේරුම් ගැනීම. 7. හත් වන සතිය - (Personality Development Map) ඔබේ පවුර්ෂය වෙනස් වෙන අනුපිලිවෙල සහ මග සලකුනු. 8. අට වන සතිය - (Your Archetypes) ඔබ තුල ඇති නොයෙකුත් පුද්ගල චරිත. 9. නව වන සතිය - (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම. 10. දහ වන සතිය - (Inner Resistance) ඔබේ වෙනසට එරෙහිව ඔබ තුලින්ම නැගෙන ප්‍රතිරෝධය හදුනාගෙන එය පරාජය කිරීම. 11. එකොලොස් වන සතිය - (Mindfulness - Developing the Observer Mind) ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය සහ ඔබේ හැසිරීම සියුම්ව විශ්ලේෂණය කීරීම. 12. දොලොස් වන සතිය - (Evaluation & Way Forward) ඔබේ ඉදිරි වැඩපිලිවෙල. ............. මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම. * ඔබේ ආත්ම විශ්වාසය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම. * ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම. * රිනාත්මක සිතිවිලි වලට යට නොවී, පරාජයන්ට බය නොවී ඔබට අවශ්‍ය දෙය කියන්නට, කරන්නට ආරම්භ කිරීම. * ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page