top of page

Relationship Rescue - Marriage Coaching

ඔබේ විවාහය තුල විශ්වාසය සහ ආදරය රැක ගැනීමේ (සති 6 ක) විශේෂ වැඩසටහන. (ප්‍රායෝගික පාඨමාලාවකි)

1 hOnline Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ විවාහය තුල ආදරය අතුරුදන් වෙලාද? * ඔබ දෙදෙනා අතර විශ්වාසය පලුදු වී ගිහින්ද? * සුහද කතාබහ අඩු වෙලාද? නැවතත් ඔබේ සහකරු/සහකාරිය සමග හෘදයාංගමව සම්බන්ධ වෙන්නේ කෙසේදැයි සිතමින් තනියම දුක් විදිනවාද? මෙම Relationship Rescue වැඩසටහන ඔබ වෙනුවන්ම විශේෂයෙන් සකස් කල එකකි. ............................................ ** මෙම සති 6 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ සහකරු/සහකාරිය ගේ සහයෝගයෙන් තොරව උවද මෙය ඔබට තනිව ආරම්භ කල හැක. * සහකරු/සහකාරිය මේ සදහා පසුව සම්බන්ධ කරගැනීමට අපගේ විශේෂ ක්‍රමවේද හරහා පහසුවෙන් කලහැකිය. * ඔබේ විවාහය සාර්ථක කරගැනීමට දෙදෙනාම එකසේ කැපවීමට සූදානම්නම් ඉතාමත් වේගයෙන්, සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. * මෙහි එන ක්‍රියාකාරකම් සියල්ල ඉතා ක්‍රමවත්ව සකස් කර ඇති නිසා, දෙදෙනා සමග එක්ව විනෝද ක්‍රීඩාවක් කරන ආකාරයෙන් පහසුවෙන් කලහැක. ........................................... ** මෙම සති හය තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Personality & Qualities) ඔබ කවුද? ඔහු/ඇය කවුද? ඔබව සහ ඔබේ සහකරු/සහකාරියව වඩා සියුම් ලෙස හදුනා ගැනීම 2. දෙවන සතිය - (What makes you happy?) සතුට ලබන මග ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය කැමති-අකමැති දේවල් (කෑම / ඇදුම් / ගමන් බිමන් / විනෝදාංශ / ...) 3. තුන්වන සතිය - (Core needs / Core Values) අවශ්යතා හදුනා ගැනීම ඔබ දෙදෙනාට විවාහ ජීවිතය තුල වැඩියෙන්ම වටින දේවල් මොනවාද? 4. හතර වැනි සතිය - (Dark Side / Hot buttons) ගැටලු වලට මුල ඔබේ රතු කට්ට පනින්නේ කොයි වෙලාවටද? ඔබ දෙදෙනාට තරහා යන අවස්ථා මොනවාද? 5. පස් වන සතිය - (Life Experiences / Childhood / Inner Child) ළමා කාලයේ බලපෑම විවාහ ජීවිතයේ ගැටලු වලට සම්භන්ධ අතීත අමිහිරි අත්දැකීම් වලින් නිදහස් වෙන්න. සුවපත් වෙන්න. 6. හයවන සතිය - (Love languages) ආදරයේ භාෂා ආදරය දැනෙන්න ජීවත් වෙන්නේ කෙසේද? ඔබේ ආදර භාෂාවන් මොනවාද? ඔබේ සහකරු/සහකාරියගේ ආදර භාෂාවන් මොනවාද? **** විශේෂයෙන් සකස් කල හෘදයාංගම සංවාද වැඩපිලිවෙල මගින් මේ සම්පූර්න වැඩසටහන පුරාවටම ඔබ දෙදෙනාව අධ්‍යාත්මිකව නැවතත් සම්භන්ධ කරවීම සහ ඔබේ අදහස් හුවමාරු කිරීමේ කලාව අලුත් කිරීම සිදු කෙරෙයි. ........................................... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබ දෙදෙනා තුල අතුරුදන්ව තිබූ ආදරය වෙනුවට වඩාත් හෘදයාංගම වූ, ගැබුරු ආදරයක් ඇතිවීම. * නැතිවී තිබූ විශ්වාසය වඩාත් පරිනත ආකාරයකින් නැවත ගොඩනගාගත හැකි වීම. * විවෘතව, පැහැදිලිව සහ සුහදශීලීව කතාබහ කිරීමේ සහ අදහස් හුවමාරු කිරීමේ හැකියාවන් දියුනු වීම. * ආදරය දැනෙන්න ජීවත් වෙන්න පටන්ගැනීම නිසා වඩාත් තෘප්තිමත්ව, සතුටින් ජීවත් වියහැකි වීම. * ලිංගික ජීවිතය තුල තිබූ ගැටලු විසදාගෙන, වඩාත් අවභෝධයෙන් යුතු සම්බන්ධතාවක් නිර්මානය කරගතහැකි වීම. * සමාව දීම, සමාව ගැනීම, තරහ පාලනය, හැගීම් ප්‍රකාශ කිරීම වැනි ඉතාම වැදගත් මෘදු කුසලතා දියුනු කරවීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page