top of page

Shadow Work - Integrating Your Dark Side

ඔබේ සුදු-කලු ශක්තීන් දෙකම වර්ධනය කරගෙන, ඉතාම බලවත් පවුර්ෂයක් ගොඩනගන්න.

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Session - දුරකතන මාර්ගයෙන්

Service Description

* ඔබේ ජීවිතයේ පැහැදිලිව වෙන් කල හැකි ප්‍රතිවිරුද්ධ චරිත දෙකක් තිබෙනවාද? වෙලාවකට ඉතාම අහිංසකව ඉන්න ඔබ, වෙලාවකට ආවේශයෙන් මෙන් ක්‍රියා කරනවාද? * ඔබට තරහ ගිය විට, ඔබේ රතු කට්ට පැන්න විට ඔබ කරන කියන දේවල් ඉතාම දරුණු ලෙස සහ ඔබේ පාලනයෙන් තොරව, අසිහියෙන් සිදුවෙනවාද? * ඔබ ආදරය කරන අයට රිදවනවාද? එකම පුද්ගලයන් කෙරෙහි ආදරය සහ වෛරය වරින් වර ඇති වෙනවාද? * ඔබේ පවුර්ෂයේ සිදුවන මෙම වෙනස්කම් තේරුම් ගැනීමට නොහැකිව, ඔබේ සමීපතමයින් ව්‍යාකූලත්වයට පත්වෙලාද? (සමහරවිට ඔවුන් ඔබට පිස්සු යැයි සිතනවාද?) මෙම "Shadow Work - Integrating Your Dark Side" Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. .......... ** මෙම සති දොලහ තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. (Introduction & Mapping Your Mind) ඔබේ මනසේ ප්‍රධාන කොටස් සහ ඔබේ මානසික වර්ධනය සිදුවෙන අනුපිලිවෙල. 2. (Suppression, Dark Side & The Shadow) යටපත් කල හැගීම්, ළමා කාලයේ සිදුවූ තත්වගත කිරීම් (Conditioning) සහ ඔබේ මනසේ අදුරු කලාපය. 3. (Your Archetypes & Their Shadows) ඔබේ පවුර්ෂය තුල තිබෙන ප්‍රධාන චරිත සහ ඒවායේ අදුරු කලාපයන්. 4. (Creating the Profile of Your Shadow) ඔබේ චරිත පිලිබද සියුම් විශ්ලේෂණය සහ ඔබේ සැගවී තිබෙන නපුරු චරිතය අනාවරණය කිරීම. 5. (Dreams, Nightmares & Fantasies) ඔබේ සිහින විශ්ලේෂණය සහ ෆැන්ටසි අවබෝධ කරගැනීම. 6. (Active Imagination & Movie Therapy) ඔබේ නිර්මානාත්මක හැකියාව සහ මවාගැනීමේ කුසලතාව යොදාගනිමින් කෙරෙන විශේෂ සමෝධාන ක්‍රියාකාරකම්. 7. (Your Pressure Points & Triggers) ඔබේ රතු කට්ට පනින හේතු අවබෝධ කරගැනීම. 8. (Auto-Pilot Patterns & Obsessive Compulsions) ඔබගේ අසිහියෙන් සිදුවන සිතිවිලි රටා, වචන රටා සහ හැසිරීම් රටා. ඔබට ඔබව පාලනය කරගත නොහැකි අවස්ථා. 9. (Ancient Wisdom of Concepts & Reality) ලෝක සම්මුති සංකල්ප, ඔබේ පුද්ගලික සංකල්ප සහ යථාර්තවාදී දැක්මක් ඇති කරගැනීම. 10. (Embracing Opposites - Taoism, Duality & Balance of the World) ප්‍රතිවිරුද්ධ ලක්ශණ දැකගැනීම සහ පිලිගැනීම, ලෝකයේ ඇති සමබරතාවයේ රීතිය සහ කලු සුදු ධර්මතා අවබෝධ කරගැනීම. 11. (Creating Conscious Rituals & Developing Mental Endurance) ඔබේ මානසික ශක්තිය වර්ධනය කරගැනීම සහ සිහියෙන් යුතුව ඔබේ අදුරු ශක්තියෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය. 12. (Owning Your Dark Side, Taming Your Shadow & Creating a Resilient Mind) ඔබේ අදුරු ශක්තියේ අයිතිය සහ වගකීම බාරගැනීම, ඔබේ නපුරු (කලු) චරිතය පුහුණු කොට පාලනය කිරීම සහ බාහිර දේවල් වලින් නොසැලෙන ස්ථාවර, ශක්තිමත් මනසක් නිර්මානය කිරීම. ............ මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඔබේ හැගීම් සහ හැසිරීම ඔබේ පාලනයට ගතහැකි වීම. * අසිහියෙන් Auto-Pilot ලෙස ඔහේ ගත වූ ජීවිතය වෙනුවට, හිතාමතා ක්‍රියා කරන, වගකීමක් දැරියහැකි, අන් අයට ආදරයෙන් සැලකියහැකි, ස්ථාවර, වැඩිහිටි ජීවිතයක් නිර්මානය කරගතහැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page