top of page

Stand Up for Yourself -Stop Being Abused

තව දුරටත් විස සහිත පුද්ගලයින්ට යටවී නොසිට, ඔබේ හඬට පන දී නැගී සිටින්න.

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Sessions - දුරකතන මාර්ගයෙන්

Service Description

* ඔබේ සැමියා / බිරිද ඔබට පහර දෙනවාද? ඔබට පරුෂ වචනයෙන් බැන වදිනවාද? ඔබේ ආත්ම ශක්තිය විනාශ වෙන ආකාරයට හැමවිටම ඔබව පහත හෙලනවාද? එයින් ගැලවී නිදහස් වන්නට ඔබට මානසික ශක්තියක් නොමැතිද? * ඔබ කාගේ හෝ බලවත් පාලනයකට, යටත් කරගැනීමකට හෝ රැවටීමකට ලක්වී, හිරවී ඇති බව අවබෝධ වූ නමුත්, එයින් නිදහස් වන්නේ කෙසේදැයි පැහැදිලි නැතිද? * ඔබ ආයතන ප්‍රධානියෙකුගේ, ගුරුවරයෙකුගේ හෝ ආගමික පූජකයෙකුගේ බලවත් යටපත් කිරීම, මානසික වහල්භාවයට (Brainwashing) ලක්වීම සහ බයට පත්කිරීම නිසා සිර වී සිටිනවාද? * ඔබට වුවමනා නැති දේට "නැහැ" "බැහැ" යැයි කෙලින් කීමට අපහසුද? හැමවිටම අනුන්ට ඕනා විදිහට වැඩ කරන්නට ඔබට සිදු වෙනවාද? *** ENOUGH IS ENOUGH - ඉවසුවා ඇති... ඔබේ අයිතීන් වෙනුවෙන් නැගීසිටින්නට කාලයයි මේ... ඔබේ කටහඬට පනක් දී, ඔබට අවශ්‍යය දෙය ලොවට කියන්නට ඔබ කැමතිද? ඔබේ දුර්වල චරිතය විනාශ කර දමා ශක්තිමත්ව නැගීසිටින්නට ඔබ සූදානම්ද? මෙම How to Stand Up for Yourself - Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ** මෙම සති 06 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්. * ඉතාමත් ඉක්මනින් ඔබේ ගැටලුව පිලිබදවත්, ඔබ කලයුතු දේ පිලිබදවත් අවබෝධ කරගත හැකි වීම. * ඔබ තුල යටපත් වී, නිලීනව පවතින ඒ දැවැන්ත ශක්තියට (Dark Energy) පන දී, එය ඔබේ යහපත වෙනුවෙන් යොදා ගන්නට පුහුණු කිරීම. * ඔබෙන් ප්‍රයෝජන ගත්, ඔබව අපයෝජනය කල, ඔබට හානි කල පුද්ගලයින්ට නිසි දඩුවම් ලබා දීමට හැකියාව ඇතිකර ගැනීම. ...... ** මෙම සති හය තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Toxic People, Narcissists & Empaths) ඔබට වැරදුනේ කොතැනද? ප්‍රශ්නය ඇත්තේ කොතැනද? දැන් ඔබ කලයුත්තේ කුමක්ද? 2. දෙවන සතිය - (Your Strengths & Weaknesses) ඔබේ ශක්තීන් සහ දුර්වලතා හදුනා ගැනීම. ඔබේ ප්‍රතිවාදියාගේ ශක්තීන් සහ දුර්වලතා විශ්ලේෂනය කිරීම. 3. තුන්වන සතිය - (Your Core needs / Core Values) ඔබේ අවශ්යතා හදුනා ගැනීම. ඔබට ඔබේ ජීවිතය තුල වැඩියෙන්ම වටින දේවල් මොනවාද? 4. හතර වැනි සතිය - (Overcome Fear, Self Doubt & Activate Dark Energy) ඔබව දුර්වල කර තිබෙන බයවල්, සිතිවිලි හදුනාගෙන පරාජය කිරීම. ඔබේ යටපත්වී තිබූ ආත්ම ශක්තිය නැවත මතුකර ගැනීම. 5. පස් වන සතිය - (Strategy Planning & Preparation) ඔබේ නිදහස වෙනුවෙන් කරන සටන සදහා උපක්‍රම සැලසුම් කිරීම. ඒ සදහා මානසිකව සූදානම් වීම. බාහිරින් උදවු උපකාර ලබා ගැනීම. 6. හයවන සතිය - (Decision Making & Endgame) පැහැදිලිව තීරණ ගැනීම සහ ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීම. අලුත් නිදහස් ජීවිතයක ආරම්භය...! ... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ ජීවිතයේ අයිතිය සහ වගකීම නැවතත් ඔබ වෙත ලැබීම. * මානසික සිරගතභාවයෙන් සහ මානසික වහල් භාවයෙන් මිදී ජීවිතයේ සැබෑ නිදහස සහ සතුට අත්විදීමට ඔබටත් අවස්ථාවක් ලැබීම. * බයෙන් සැකෙන් සහ දුකෙන් පීඩාවෙන් ගතකල ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කර, ආත්ම විශ්වාසයෙන් යුතු ශක්තිමත් ජීවිතයක් ඇති කරගැනීමට හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page