top of page

Success at Work - Career Coaching Prog.

ඔබේ රැකියාව සාර්ථකව කරන්නේ කෙසේද? ඔබේ ආයතනය තුල ඉහලට යන්නේ කෙසේද?

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Sessions - දුරකතන මාර්ගයෙන්

Service Description

* ඔෆිස් එකේ, වැඩපලේ හොදින්ම වැඩ කරන්නේ ඔබ උනාට, ඔබට සුදුසු සැලකීම, ගෟරවය, පිළිගැනීම ලැබෙන්නේ නැතිද? * ඔබට වඩා දැනුමින් සහ පලපුරුද්දෙන් අඩු, අදක්ෂ නවකයින් ඔබව පසුකර ඉදිරියට යනවාද? ඔබව හැමවිටම කපාහරිනවාද? * අන් අය හැමවිටම ඔබේ මනුස්සකමින් ප්‍රයෝජන ගන්නවාද? ඔබෙන් වැඩිපුර වැඩ ගන්නවාද? * සාර්ථකව සන්නිවේදන කුසලතාවන් පුහුනු වීමටත්, රැකියා ස්ථානයේ ඇති කැපිලි කෙටිලි වලට හොදින් මුහුනදී ඉදිරියට යාමටත් ඔබට අවශ්‍යද? මෙම Success at Work - Career Coaching Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. .......... ** මෙම සති දොලහ තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. (Your Career Targets & Goals) රැකියාව තුල ඔබේ අනාගත බලාපොරොත්තු/ ඉලක්ක මොනවාද? ඔබට ඇත්තටම අවශ්‍ය මොනවාද? 2. (Your Strengths & Career Action Plan) රැකියාවේ ඉදිරියට යාම සදහා ඔබේ තිබෙන ශක්තීන් නිවැරදිව යොදාගන්නේ කෙසේදැයි සැලසුම් කිරීම. 3. (Work knowledge & Skills) ඔබේ රැකියාවට අදාල අත්‍යාවශ්‍ය දැනුම හා කුසලතා හදුනාගෙන, දියුනු කර ගැනීම. 4. (Dealing with bosses) ඔබේ රැකියා ප්‍රධානීන්/ විධායක නිලධාරීන් සමග ඇසුරු කලයුතු ආකාරය. ඔවුන්ගේ හිත නිවැරදිව දිනාගන්නා ආකාරය. 5. (Dealing with peers) ඔබේ සමාන වෘතිකයින් සමග හොද වෘත්තීමය සම්භන්ධයක් පවත්වා ගන්නේ කෙසේද? 6. (Dealing with miner Staff) ඔබට පහලින් සිටින, බලයෙන් අඩු අය සමග ඇසුරු කිරීමේදී කල යුතු, නොකල යුතු දේවල් මොනවාද? 7. (Dealing with Toxic & Difficult People at work) විස සහිත පුද්ගලයින් සමග ගනුදෙනු කරන්නේ කෙසේද? ඔබේ Dark Energy සහ Light Energy සුදුසු පරිදි භාවිතා කරන්නේ කෙසේද? 8. (Problem Solving & Decision Making) රැකියාවට අදාල අනපේක්ශිත ප්‍රශ්ණ වලට මුහුන දෙන්නේ කෙසේද? හදිසි තීරණ නිවැරදිව ගන්නේ කෙසේද? 9. (Communication & Presentation Skills) නිවැරදිව ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඔබේ හැකියාවන් සුදුසු පරිදි ප්‍රදර්ශනය කිරීමේ වැදගත්කම. 10. (Achieving Targets & Be Outstanding) උපක්‍රමශීලීව, සැලසුම් සහගතව ඔබෙන් බලාපොරොත්තු වන ඉලක්ක (Targets) සපුරා ගැනීම සහ එමගින් රැකියාව තුල ඔබේ වටිනාකම වැඩිකර ගැනීම. 11. (How to Influence People) අන් අය ඔබට අවනත කරගන්නේ කෙසේද? ඔබේ මතය අන් අය අතරට ගෙන යන්නේ කෙසේද? 12. (Self Confidence, Self Esteem & EGO) ඔබේ මාන්නය සහ හැගීම් වලට යට නොවී, ඔබේ අරමුණු / අනාගතය වෙනුවෙන් දුර දිග බලා වැඩ කරන ආකාරය. ............ මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඔබේ රැකියාව තුල තිබූ අතෘප්තිය නැති කර, රැකියාව නිසා ඇති වූ මානසික ආතතිය සහ පීඩාව නිමා කර ගැනීමට හැකි වීම. * රැකියා ස්ථානය තුල කැපිලි කෙටිලි වලට යට නොවී, පරාජය නොවී ශක්තිමත්ව ඉදිරියට යාමට හැකි වීම. * දුර්වල හැගීම් හා හැසිරීම් නිමා කොට, ආත්ම විශ්වාසයෙන් යුතුව, රැකියාව තුල ඔබට හිමිවිය යුතු නිවැරදි තැන ලබා ගැනීම. අලුත් ශක්තිමත් පවුර්ෂයක් නිර්මානය කරගැනීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page