top of page

Your Core Values & Decision Making

ඔබට ඇත්තටම වටිනා දේවල් හදුනාගෙන, පසුනොතැවෙන තීරණ පහසුවෙන් ගන්නේ කෙසේද?

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Sessions - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබ තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවක හිරවෙලාද? * ඔබේ බුද්ධිය සහ හදවත වෙනස් තීරණ ගනිමින් දෙපැත්තට කඹ අදිනවාද? * පසුනොතැවෙන ලෙස නිවැරදි තීරණ පහසුවෙන් ගන්නා හැටි පුහුනු වීමට ඔබත් කැමතිද? ජීවිතයේ ඔබට ඇත්තටම උවමනා දේවල් ලබාගන්න කැමතිද? මෙම “Your Core Values” වැඩසටහන ඔබ වෙනුවන්ම විශේෂයෙන් සකස් කල එකකි. ** මෙම සති 4 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ඉතා පහසුවෙන්, නිවැරදි තීරණ ගැනීමට උපකාරීවන ඔබේ Value Compass එක සොයාගැනීම. * ඔබේ හැගීම් (Emotions), ඔබේ බුද්ධිය (Intelligence) සහ ඔබේ හර පද්ධතිය (Core-Values) පිළිබදව ඉතා පුලුල් අවබෝධයක් ලබා දීම. * ඔබේ හෘදසාක්ශිය ගැන ඉතා ගැබුරු විශ්ලේශනයක් සිදු කිරීම සහ ජීවිතයට අත්‍යාවශ්‍ය කුසලතාවක් වන නිවැරදි තීරණ ගැනීමේ හැකියාව පුහුණු කිරීම. * සුවිශේෂී ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත වන, ජීවිතයට ඉතා වටිනා පුහුණු වැඩසටහනකි. ** මෙම සති හතර තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (What / Who Shaped Your Life?) ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමක්. ඔබේ ජීවිතය දැන් පවතින ආකාරයට හැඩගැසීමට දායක වූ මූලික සාධක, පුද්ගලයින් සහ සිදුවීම් මොනවාද? ඔබේ හෘද සාක්ශිය සකස් වී ඇත්තේ කෙසේද? ඔබේ තීරන ගැනීමේ රටාවන් මොනවාද? ඔබ මේ මොහොතේ සිරවී සිටින මානසික සිරකුටිය කුමක්ද? 2. දෙවන සතිය - (Your Personal Core Values) ඔබට දැන් ඇත්තටම මොනවද ඕනා? ඔබට සතුටින් ජීවත් වෙන්නට ඇත්තටම අවශ්‍ය මොනවාද? ඔබට මේ මොහොතේ වටින්නේ මොනවාද? ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමන අවශ්‍යතා වලටද? මංමුලා වූ විට පාර කියන මාලිමාව (Value Compass) සොයාගැනීම. 3. තුන්වන සතිය - (4 Types of Decision Making) පසුනොතැවෙන ලෙස තීරණ ගන්නේ කෙසේද? ඔබේ ජීවිතයේ මෙතෙක් කල් ගෙන ඇති අමාරු තීරණ මොනවාද? ඔබ පසුතැවෙන තීරණ මොනවාද? සමහර තීරණ ගැනීමට අපහසු ඇයි? Value Compass එකට අනුව නිවැරදි තීරණ ගන්නේ කෙසේද? 4. හතර වැනි සතිය - (Updating Conscience) ඔබේ හෘද සාක්ශිය අලුත් කරගැනීම. හෘද සාක්ශිය යනු කුමක්ද? එය සකස් වන්නේ කෙසේද? අපගේ දැනුම සහ අත්දැකීම් අනුව හෘද සාක්ශිය අලුත් කරගන්නේ කෙසේද? පසුනොතැවෙන ජීවිතයක් නිර් මානය කරගන්නේ කෙසේද? ඔබේ ජීවිතයටත් ප්‍රමාණවත් සාධාරණ සතුටක්. මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * කලින් ඔබව පීඩාවට පත් කල අපහසු තීරණ, ඉතා පහසුවෙන් ගැනීමේ හැකියාව ලැබෙයි. * ඔබට ඇත්තටම අවශ්‍ය මොනවාද? ඔබට වැඩියෙන්ම වටින්නේ මොනවාද කියා පැහැදිලි අවබෝධයක් ඇති වීම. * ඔබේ හදවත සහ බුද්ධිය අතර ඇති අනවශ්‍ය අරගලය නිමා කර, හිතේ සතුට සැනසිල්ල ඇතිව, පැහැදිලි ඉදිරි දැක්මක් ඇතිව ජීවත් වියහැකි වීම. * සමාජය සහ අන් අය සතුටු කිරීම වෙනුවෙන් ඔබේ සතුට සම්පූර් ණයෙන්ම කැප නොකර, ප්‍රමාණවත් සාධාරණ සතුටක් ලබාගැනීමට ඔබට ඇති අයිතිය පැහැදිලිව අවබෝධ කර ගැනීම. **** විශේෂයෙන් සකස් කල “හෘදසාක්ශිය අලුත් කිරීමේ” ක්‍රමවේදය මගින් ඔබේ ජීවිතය ඉතා නිදහස්, තෘප්තිමත් එකක් බවට පත්කරගත හැක. පසුනොතැවෙන ජීවිතයක් ගොඩනගා ගතහැක.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page