top of page

YOUR LIFE MATTERS - Stop Suicide

සියදිවි නසාගැනීමේ සිතිවිලි පරාජය කර ජීවිතය අලුතින් ගොඩනගමු.

  • 45 min
  • FREE
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

🔹 ඔබ ඔබේ ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කර තිබෙනවාද? සියදිවි නසාගැනීමේ සිතිවිලි නිතරම ඔබේ සිත යට කරගෙන යනවාද? 🔹 ඔබ ඔබේ ජීවිතය නොවටිනා එකක් යැයි නිතර සිතෙනවාද? ඔබට සතුට ගෙනදෙන පුද්ගලයින් සහ ක්‍රියාකාරකම් වලින් ඔබ ටිකෙන් ටික දුරස් වෙනවාද? ඔබට විශාල තනිකමක්, පාලුවක් සහ හිස් බවක් දැනෙනවාද? 🔹 ඔබ විෂාදය (Depression), මානසික ආතතිය (Stress) හෝ ආදරය/ලිංගිකත්වය සම්භන්ධ ගැටලු වලින් දුක් විදිනවාද? ඔබ ප්‍රේමයෙන් පරාජය වුනාද? ඔබේ අනාගත සිහින බොදවී ගියාද? එම ගැටලු වලින් නිදහස් වීමට උදවු ලබා ගැනීමට ඔබට වුවමනාද? 🔹 ඔබේ හැගීම් ඉතා උද්වේගකාරී ලෙස, ක්ෂණිකව වෙනස් වෙනවාද? ඔබ ඔබටම හානි කරගන්න සිතනවාද? අන් අයට හානි කිරීමේ සිතිවිලි ඇති වෙනවාද? ඔබේ මනස ඔබේ පාලනයෙන් ගිලිහී ගිහින්ද? 🔸 අපි හැමෝගෙම හිත් වල මොනවා හරි හිර කරගත් දුකක් තියෙනවා.. කියන්න විශේෂ කතාවක් තියෙනවා. ඔබ ඔබවම නොසලකා හරින්න එපා. සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න. 🔸 මනස ගැන, හැගීම් ගැන, පවුර්ෂය ගැන, පුද්ගල සංවර්ධනය ගැන සහ මානව සම්භන්ධතා ගැන සම්පූර්ණ දැනුම සහ කුසලතා අපි උපතින් අරගෙන එන්නේ නැහැ. ඒ දැනුම හා පුහුණුව අපිට දෙමවුපියන්ගෙන් හෝ පාසලින් ලැබෙන්නෙත් නැහැ. සමාජයෙන් අපිට මේ දේවල් ඉගෙන ගැනීමට උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. 🔸 ඉතින් මේ ජීවිතයට අත්‍යාවශ්‍යය දැනුම, පුහුණුව සහ මගපෙන්වීම LifeCoach.lk තුලින් අපි ඔබට ලබා දෙනවා. 🔸🔹 අපි අපේ ජීවිත කතාව අලුතෙන් ලියමු..!


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page