Your Success - High Performance Coaching

කම්මැලි කම පරාජය කර, ඔබට අවශ්‍ය දේවල් ලබාගැනීමට කටයුතු කිරීමේ පුහුණුව.

  • 45 minutes
  • Online Session - දුරකථන මාර්ගයෙන්

Service Description

* ඔබේ අරමුණ සාර්ථක කරගැනීම සදහා කලයුතු දේ පැහැදිලිව දන්නා නමුත්, එය අවසානය තෙක් අඛන්ඩව කරගෙන යාමට නොහැකිව අතරමග කඩාකප්පල් වෙනවාද? * ඔබේම මනස ඔබේ දියුනුව වලකන සතුරෙක් ලෙස, ඔබට විරුද්ධව වැඩ කරනවාද? ඔබේ මානසික ශක්තිය නිතරම පහල වැටෙනවාද? * වැඩ කල් දැමීම, අවධානය වෙනස් වීම, උනන්දුව අඩු වීම සහ ආත්ම විශ්වාසය අඩු වීම නිසා ඔබේ සාර්ථකත්වය දිනෙන් දින පමා වෙනවාද? * ඔබට අවශ්‍ය ප්‍රතිඵලය, ඔබට හැකි උපරිම ඉක්මනින් සහ පහසුම මාර්ගයෙන් ලබාගැනීමට ඔබ කැමතිද? ජීවිතය එක තැන පල් වෙන්න දුන්නා ඇති. ඔබේ සිහිනය සැබෑ කරගන්න උපක්‍රමශීලීව වැඩ කරන්නට පටන් ගන්න. මෙම High Performance Coaching Program එක ඒ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ................. ** මෙම සති 08 ක අඛන්ඩ වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබට අවශ්‍ය දේවල් ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න එක යුද්ධයක්. ඒ යුද්ධය සාර්තකව ඉක්මනින් දිනන්නට නම්, ඔබ ඉතා උපක්‍රමශීලීව සෑම දවසකින්ම උපරිම ප්‍රයෝජනයක් ගතයුතු වෙනවා. * ඔබේ මානසික ශක්තිය විනාශ කරන, ඔබේ අවධානය වෙනස් කරන, ඔබව කම්මැලි කරන ඒ සියුම් සතුරන්ව හදුනාගෙන, උපක්‍රමයෙන් පරාජය කරන්නට මෙම වැඩසටහන තුලින් ඔබට පුලුවන් වෙනවා. .................. ** මෙම සති අට තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. පලමු සතිය - (Priority, Action Plan & First Step) ඔබේ අරමුණ සාර්ථක කරගන්න කලයුතු ක්‍රියාකාරකම් මොනවාද? ඔබ මුලින්ම කරන්න ඕනා කුමක්ද? ඔබේ පලමු පියවර කුමක්ද? 2. දෙවන සතිය - (Understanding Your Enemies) ඔබේ සාර්ථකත්වය වනසන ප්‍රධාන මානසික සතුරන් කවුද? ඔබට ජයගන්නට තිබෙන බාධා මොනවාද? 3. තුන්වන සතිය - (High Performance Habits) ඔබේ දුර්වලතාවන් විනාශ කර දමමින්, ඔබේ උපරිම මානසික ශක්තිය ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? ඔබ පුහුණු කලයුතු විශේෂ මානසික පුරුදු මොනවාද? 4. හතර වැනි සතිය - (Mindset Training Exercise / Warrior Mindset) යුධ භටයෙකුගේ වැනි මානසික ශක්තියක් දිගටම පවත්වාගැනීමට නොවරදින වැඩපිලිවෙලක්. 5. පස් වන සතිය - (30 Min Success Day Planner) කාලය අපතේ හැරීම සම්පූර්ණයෙන් නවතා දමා, ඔබේ අරමුණ වෙත වේගයෙන් යන උපක්‍රමය. 6. හයවන සතිය - (Resistance & Limiting Beliefs) ඔබේ දියුනුව වනසන අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ සීමාකාරී චිනතනය පරාජය කරන්නේ කෙසේද? 7. හත් වන සතිය - (Transforming Your Self Image) 'අනාගත ඔබ' ගැන ඔබට තිබෙන මානසික ප්‍රතිරෑපය අලුත් කරීම. 8. අට වන සතිය - (Overcome Ups & Downs / The Unstoppable Force) ඔබේ මානසික ස්වභාවය කුමක් වුවත්, ඔබව දිගටම අවශ්‍ය වැඩපිලිවෙල තුල තබාගන්නේ කෙසේද? ................. මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඔබ මේ වනතුරු කල් දමමින් සිටි වැඩකටයුතු සාර්ථකව නිමා කර, ප්‍රතිඵල ලබාගත හැකි වීම. * නිදහසට කාරණා කියමින් එකතැන සිරවී තිබූ පැරණි චරිතයට සමුදී.., ශක්තිමත් විදිහට හිතන, තමන්ට ඕන ප්‍රතිඵල ලබාගැනීම සදහා උපක්‍රමශීලීව වැඩ කරන, අලුත් ජීවිතයක් නිර්මාණය කරගැනීමේ හැකියාව.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com

Life Matters Coaching Center, Vihara Mawatha, Kaduwela, Sri Lanka