Together We Fight - Together We Win
Speak to Inspire
Ôú;h Èkkakg w;HdjYHh ikaksfõok l=i,;d" iudÔh l=i,;d iy kdhl;aj l=i,;d mqyqKq lrjk m%dfhda.sl jevigyka ud,dj'
Group Coaching Programs for Communication Skills, Social Skills & Leadership Skills Development
-
ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඔබේ ඉලක්ක කරා යන්න අවශ්‍යනම්, ඔබ කලයුතු මූලිකම කාර්යය තමයි, ඔබට ඒ සඳහා අත්‍යාවශ්‍යය වෙන මූලික කුසලතා (Core Skills) හොඳින් දියුණු කර ගන්න එක.
-
ඔබ දැනට වැඩිය කතාබහ නොකරන, සමාජශීලී බව අඩු, තරමක් ලැජ්ජාශීලී කෙනෙක් වෙන්න පුලුවන්. ඒකට කමක් නැහැ. අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවනම් ඕනෑම කෙනෙකුට තමන්ගේ Communication Skills, Social Skills සහ Leadership Skills උපරිම තලයකට දියුණු කරගන්න පුලුවන්. ඔබේ මුලු ජීවිතයම වෙනස් කලහැකි මෙම අත්‍යාවශ්‍යය කුසලතාවන්, ඉතාම සුලු කාලයකදී හදාගන්න අනිවාරයයෙන් පුලුවන්.
-
ඔබට අවශ්‍යය වෙන්නේ එම Social Skills පුහුණු වීමට ගැලපෙන විදිහේ අලුත්ම පරිසරයක් (Supportive Community එකක්) සහ නිවැරදි ක්‍රමවත් වැඩපිලිවෙලක් පමනයි. ඔබට මෙම පුහුණුව ඔබේ නිවසේදී හෝ කාර්යාලයේදී කරන්න අපහසුයි. ඔබේ පැරණි මිතුරන් සමග ඔබට අලුත් විදිහේ දේවල් පුහුණු වෙන්නත් අපහසුයි. නමුත් Warriors Club එක තුලදී, අලුත්ම මිතුරු මිතුරියන් පිරිසක් එක්ක ඔබට ඔබේ Skills දියුණු කරගෙන, ඔබේ Personality එක වෙනස් කරගන්න පුලුවන්.
-
Warriors Club එකේ ඉන්න සියලුම දෙනා තමන්ගේ Social, Communication & Leadership Skills දියුණු කරගැනීම වෙනුවෙන් වැඩ කරන අයයි. එකම පොදු අරමුණක් වෙනුවෙන් Introverts ලා සහ Extroverts ලා එකට එකතු වෙලා, ඒ සඳහා එකිනෙකාට උපකාර කරගන්නා Supportive Community එකක්.
Speak to Inspire
A Practical Group Coaching Program designed to improve your Communication Skills, Social Skills & Leadership Qualities.
Join with us if you are in to Personal Development & want to improve Core Life Skills
...Even if you are Shy & Introverted.
Every Thursday at 8.30 pm via Zoom

Support Group
You can discuss any of your problems & challenges with our Group Coach & fellow like-minded group members. Together we brainstorm solutions to support each other to overcome Personal & Professional Life Obstacles
...While improving Core Leadership Skills.
Every Wednesday at 8.30 pm via Zoom

Warriors Club එකේ Group Coaching Programs, Levels 04කින් යුතුයි. මේ එක් එක් Level එකට ඔබව ක්‍රමානුකූලව යොමු කෙරන අතර, එක් එක් Levels වලදී ඔබ තුල වෙනස් ආකාර වල Leadership Skills වර්ධනය වනු ඇත.
එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතය ජයගන්න, ඔබත් එකතු වෙන්න
Warriors Club - Community එක සමග.
Develop your Leadership Skills in 4 Levels
What is the Warriors Club?
The Warriors Club is an Integrated Group Coaching Program created to develop your Communication, Social and Leadership Skills.
It is a part of "LifeCoach.lk - Personality Development Project".
At Warriors Club, we have a great Community of like-minded people who are Friendly, Empathic & Supportive. With our guidance, they support, encourage & uplift each other to overcome their emotional blocs, life obstacles & push their limits as a team.
Through our Multi Level Group Programs & Events, we train & guide you step by step to achieve your desired skills & win every area in your life by becoming great leaders.
Warriors Club - Online Group Coaching Programs
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
Speak to Inspire
A Practical Group Coaching Program designed to improve your Communication Skills, Social Skills & Leadership Qualities.
Join with us if you are in to Personal Development & want to improve Core Life Skills
...Even if you are Shy & Introverted.
Every Thursday at 8.30 pm via Zoom

Support Group
You can discuss any of your problems & challenges with our Group Coach & fellow like-minded group members. Together we brainstorm solutions to support each other to overcome Personal & Professional Life Obstacles
...While improving Core Leadership Skills.
Every Wednesday at 8.30 pm via Zoom

Free Counseling Sessions

w¾:j;a" wjHdc idlÉPdjla iy yDohdx.u l;d nyla i|yd"
ukqIH;ajh w.hk iqkaor ñksiqka hd flfrk iyDo wjldYh'


හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත් සාකච්ඡාවක්, හෘදයාංගම කතාබහක් කරන්න ඔබත් කැමතිද?
අපි හැමෝගෙම හිත් වල මොකක් හරි හිර කරගත් දුකක් තියෙනවා... කියන්න විශේෂ කතාවක් තියෙනවා...
ඔබ ඔබවම නොසලකා හරින්න එපා... සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න,
ඔබේ කතාව අපට කියන්න!
එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතය ජයගන්න, ඔබත් එකතු වෙන්න
"හෘදයාංගම සංවාද - Support Group" එක සමග.
What is a support group?
"A support group is a gathering of people facing common situations to share their experiences.
It provides an opportunity for people to share & learn firsthand information about personal experiences, struggles, coping strategies and inspirational stories.
Through the sharing of experiences, they’re able to offer support, encouragement and comfort to the other group members, and receive the same in return."

Support Group
yDohdx.u ixjdo



Wmldr lrkak" Wmldr ,nkak"
w¾:j;a" wjHdc ixjdohl i;=g ú¢kak'''
tlsfkldg Yla;shla fjñka Ôú;h ch.kak"
Tn;a tl;= fjkak wms;a tlal'''

"හෘදයාංගම සංවාද - Support Group" එකේ අරමුණු සහ විශේෂත්වයන්.
Authentic Connection - ඔබ වගේම ජීවිත යුද්ධය දිනන්නට අරගල කරන, ජීවිතය දියුනු කරගැනීමට උත්සහ කරන තවත් පිරිසක් ඇසුරු කිරීමටත්, ඔබේ අදහස් වලට ගැලපෙන, අලුත් මිතුරු මිතුරියන් හදුනාගන්නට ක්‍රමවත් වැඩපිලිවෙලක් යටතේ අවස්තාවක් සැලසීම.
Trust & Vulnerability - කන්ඩායමක් ලෙස එකිනෙකාට උදව් උපකාර කරමින්, එකිනෙකාගේ මානසික ශක්තිය සහ මානසික සුවපත් භාවය දියුනු කරගැනීමටත්, විවෘතව කතා කිරීමටත් අවශ්‍යය සුහද, විශ්වාසවන්ත අවකාශය සකසා දීම.
Sharing with Courage - ඔබගේ කටහඬට ඉඩක් ලැබෙන විදිහේ, අදහස් ප්‍රකාශ කිරීම සදහා ඔබව දිරිගන්වන විදිහේ සුහදශීලී අවකාශයක් නිර්මාණය කිරීම සහ ඔබේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් ඔවුන් සමග බෙදා ගැනීමට අවස්ථාව ලබා දීම.
Open Discussion - ඔබේ ජීවිතය තුල මේ දක්වා මුහුන දුන් අභියෝග, සිදු කල අරගල සහ ජයගත් සටන් ගැන විවෘතව සාකච්ඡා කිරීමත්, ඒ සඳහා ඔබ භාවිතා කල උපක්‍රම, අවශ්‍ය දැනුම ලබාගත් ක්‍රමවේද සහ සැලසුම් සකස්කල ආකාරය යනාදී ඔබේ අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීමෙන්, ඔබ හා සමාන ගැටලු වලට මුහුණ දෙමින් සිටින තවත් අයට උපකාර කලහැකි වීම.
Gaining Knowledge - විසදාගැනීමට අපහසු සංකීර්ණ ගැටලු සහ අභියෝග, විස්වාසවන්ත මිතුරන් පිරිසක් සමග එකතු වී සාකච්ඡා කිරීම මගින්, එම ගැටලු විසඳා ගැනීම සදහා, ඔබට මෙතෙක් කල් නොපෙනුන විකල්ප ක්‍රියාමාර්ගයන්, සරල විසදුම් සහ අලුත් උපක්‍රම ඉගෙනගැනීමට හැකි වීම.
Active Listening & Insights - අන් අයගේ ජීවිත අත්දැකීම් වලට අවධානයෙන් සවන්දීමෙන්, ඔබට මෙතෙක් කල් නොපෙනී තිබුනු, ඔබේ ගැටලු වලට පදනම් වූ මූලික හේතූන් අනාවරණය කරගැනීමට හැකි වීම. එම ගැටලු දෙස වඩාත් පුළුල් මනසකින් සහ වෙනත් කෝණයකින් (Objectively) බැලීමට හැකියාව ලැබීම.
Empathy & Emotional Support - එකිනෙකාව හැකි අයුරින් තේරුම් ගැනීමටත්, අන් අයගේ අත්දැකීම් සහ ඔවුන්ගේ ජීවිත කතා වල තිබෙන වීර්යය (Dedication), ධෛර්යය (Courage), නොසැලෙන බව (Resilience) සහ පසුනොබසින බව (Hopefulness) වැනි ගුණාංග ඔබේ ජීවිතයටත් සම්භන්ධ කරගත හැකි වීම.
අන් අයව එකවරම විනිශ්චය නොකර, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමටත්, ඔවුන්ගේ තත්වයන් තමන්ට ආදේශ කර බැලීමටත් පුහුණු වීම මගින් එකිනෙකාට මානසිකව සම්බන්ධ වීමටත්, ශක්තියක් වීමටත් හැකි වීම.
Overcome Social Anxiety - Social Anxiety, Shyness, Self Doubt, Inferiority වගේ තත්වයන්ට එරිහිව සටන් කරන්නටත්, ඔබගේ දියුණුව අඩාල වන ලෙස ඔබව පසුපසට ඇද දමන එම මානසික සතුරන් පරාජය කර ශක්තිමත්ව නැගීසිටීමටත් පුහුණු වීමට, ඔබට මෙම Support Group එක උපයෝගී කරගත හැක.
Soft Skills Development - අනවශ්‍ය ලැජ්ජාව දුරු කරගැනීම, තම අදහස් සහ මතවාද පැහැදිලිව ප්‍රකාශ කිරීම, අන් අයට අවදානයෙන් සවන් දීම, ප්‍රතිවිරුද්ධ මත ඉවසීම වැනි වැදගත් මෘදු කුසලතා දියුනු කරගත හැකි වීම.
Fulfilment & Healing - ජීවිතය ගැන, සමාජය ගැන වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට දකින ඔබගේ අදහස්, මතවාද සහ ජීවිත අත්දැකීම් වලට වැදගත්කමක්, වටිනාකමක් ලබාදීම සහ එකිනෙකාට හැකි අයුරින් උදව් උපකාර කරගැනීමටත්, මානසික සහනයක් ලබා දීමටත් අවස්ථාව සැලසීම.
අර්ථවත්, අව්‍යාජ, ගැඹුරු සංවාදයක් තුලින් ලැබෙන මානසික සතුට, ආත්ම තෘප්තිය සහ සුවපත් භාවය අත්විදීමට ඔබටත් අවස්තාවක් සැලසීම.


tlsfkldg Yla;shla fjñka Ôú;h ch.kak"
Tn;a tl;= fjkak wms;a tlal'''
Tfí l;dj wmg lshkakæ
Online Event - Zoom App එක හරහා ඔබට මෙම Support Group එකට ලෝකයේ ඕනෑම තැනක සිට, ඔබගේ Smart Phone එකෙන් හෝ Laptop එකෙන් සම්බන්ධ විය හැකයි.
ඔබ ලියාපදිංචි වූ පසුව අදාල Zoom Link එක ඔබට WhatsApp හරහා ලබා දෙනු ඇත.
Age Group - ඔබත් වයස අවුරුදු 25 - 45 අතර නම්, මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැකියි.
වැඩසටහන් පැවැත්වෙන වේලාවන්:
Group 1 - අඟහරුවාදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා
Group 2 - බදාදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා
මෙහෙයවීම: නුවන් එදිරිසිංහ
(Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක)
Open Discussions, Play Theraphy, Group Coaching Activities, Role-play Exercises, සහ Systematic Desensitization Techniques වැනි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අවශ්‍යය පරිදි යොදාගනිමින්, ඔබේ මානසික සුවපත්භාවයට උපකාර වන ආකාරයට සාකච්ඡාවන් මෙහෙයවීම සිදු කෙරෙයි.
එක් කන්ඩායමකට සීමිත සාමාජික පිරිසක් පමනක් සම්බන්ද කරගන්නා බැවින්,
ඔබත් අදම ලියාපදිංචි වන්න.
Save Your Spot
bÈß jevigyka i|yd ,shdmÈxÑ jkak
"හෘදයාංගම සංවාද - Support Group" එකේ වැඩපිලිවෙල
Zoom App එක මගින් සියලු දෙනා මෙම Support Group එකට සම්භන්ද වීම සිදු කෙරෙයි. එක් කන්ඩායමක සිටින උපරිම සාමාජික සංඛ්‍යාව 12 දෙනෙකි.
🔘 මුලින්ම මනෝවිද්‍යා උපදේශක - නුවන් එදිරිසිංහ විසින් ඔබව පිලිගැනීම, එකිනෙකා හදුන්වා දීම සහ මූලික උපදෙස් ලබා දීම සිදු කෙරෙයි.
🔘 මීලගට කන්ඩායමේ එකමුතුකම සහ විශ්වාසය ඇති කිරීම සඳහා සරල කන්ඩායම් ක්‍රියාකාරකමක් (Ice Breaker Exersice එකක්) සිදු කරයි. මේ තුලින් ඔබට කතා කිරීමට පහසුවක් සහ මානසිකව සැහැල්ලුවක් සැලසෙයි.
🔘 ඔබ කන්ඩායම තුල සුව පහසු තත්වයකට පත්වූ පසුව මූලික සාකච්චාව ආරම්භ කෙරෙයි. එහිදී එක් එක් සාමාජිකයෙකුට තම අදහස්, අත්දැකීම් හෝ ගැටලු ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දෙයි. (කතා කිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට සියලු දෙනාවම උනන්දු කරවනු ලබන නමුත්, දීර්ඝව කතා කිරීම අනිවාර්ය නැත. ඔබට හැකි ආකාරයෙන් සංවාදයට දායක විය හැක.)
🔘 එයින් පසු ඒ පිලිබදව තම තමන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අනෙකුත් සාමාජිකයින් හට යම් කාලයක් ලැබෙනු ඇත.
🔘 මේ ආකාරයෙන් සියලුම දෙනාට තම පෞද්ගලික අත්දැකීම් ඉදිරිපත් කිරීමටත්, අන් අයගේ අත්දැකීම් වලට සවන් දී, ඒ ගැන තම අදහස් ප්‍රකාශ කිරීමටත් කාලය ලැබෙනු ඇත.
🔘 සම්පූර්ණ වැඩසටහන උපදේශකගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත සිදු කෙරෙනු ඇත.
මෙහෙයවීම - නුවන් එදිරිසිංහ
(Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක)
WhatsApp: 0761580900
The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය (LifeCoach.lk)
🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!!
යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... එකතු වෙන්න,
හෘදයාංගම සංවාද - Support Group එක සමග.