top of page

Healing Childhood Wounds & Inner Child

අතීත මානසික තුවාල සුවපත් කර, සිතේ තිබෙන අධි සංවේදී තත්වය (Childlike High Sensitivity) පාලනය කිරීම

  • 1 hour
  • 8,000 Sri Lankan rupees
  • Online Session - දුරකතන මාර්ගයෙන්

Service Description

* ඔබ අධික සංවේදී අයෙක්ද? සතුට, දුක, තරහ, බය, සැකය වැනි ඔබේ හැගීම් ඉතාම ක්ෂණිකව, ඉතා ආවේගශීලීව ක්‍රියාත්මක වෙනවාද? ඔබේ හැගීම් ඉක්මනින් වෙනස් වෙනවාද? * ඔබේ ආදර සම්බන්ධතා Roller Coaster එකක් (මැරිගෝ රවුමක්) මෙන් ඉතා වේගයෙන් ආරම්භ වී, අරගල ගොඩක් මැදින් වේගයෙන් ගමන් කොට, ඉතා කෙටි කලකින් අවසන් වෙනවාද? එම රටාව නැවත නැවත සිදු වෙනවාද? * ඔබේ ළමා කාලයේ මව හෝ/හා පියා සමග හොද මානසික සම්බන්ධයක් තිබුනේ නැතිද? ඔබ ඔවුන් සමග තිබුනේ දුරස් ඇසුරක්ද? ඔවුන් ගැන ඔබේ හිතේ ආදරයක් වගේම, තරහක් තිබෙනවාද? (Love-Hate Relationship) * ඔබට කුඩා කාලයේ නොලැබුනු ඒ ආදරය සහ අවධානය සොයමින් ඔබ ඔබේ සමීපතමයින් සමග නිතර අරගල කරනවාද? රණ්ඩු කරනවාද? * ඔබට ආදරය කරන පුද්ගලයින් "ඔබව හැරදමා යාවි" (Fear of Abandonment) යැයි ඔබ නිතරම බියෙන් පසුවෙනවාද? ඔබ නොදැනුවත්වම ඔවුන්ව ඔබෙන් දුරස් කෙරෙන ආකාරයට කටයුතු සිදුවෙනවාද? * Unclear or Shifting Self-image - ඔබට, ඔබ කවුද? ඔබට ඕන මොනවාද? ඔබ මොන වගේ පුද්ගලයෙකුදැයි පැහැදිලි අදහසක් නැතිද? * ඔබේ ආවේගශීලී බව නිසා, ඔබ ඔබව කපා ගැනීම, තුවාල කරගැනීම, බඩු පොලවේ ගැසීම සහ ඔබ අවට සිටින අයට පහර දීම සිදු කරනවාද? * ඔබ බොහෝ විට ලෝකය දකින්නේ සම්පූර්ණයෙන්ම කලු හෝ සම්පූර්ණයෙන්ම සුදු ලෙසද? (Black or White Thinking). * ඔබේ ජීවිතය පිලිබද මහා හිස් බවක්, අතෘප්තියක්, ඵල රහිත බවක් නිරතුරුවම ඔබව වෙලාගෙන තිබෙනවාද? මේ වේදනාකාරී ජීවිතය වෙනස් කරගෙන, සතුටින් ජීවත් වීමට ඔබට වුවමනාද? මෙම Healing Childhood Wounds & Inner Child - Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ..... ** මෙම වැඩසටහනේ විශේෂත්වයන්... * ඔබේ අතීත මානසික තුවාල (යටපත් කල වේදනාවන්) සොයාගෙන ඒවා සුවපත් කිරීම මගින් ඔබේ සිත තුල සිරවී සිටින පොඩි ළමයා (Inner Child) ව සුවපත් කොට, වර්ධනය වීම සදහා නිදහස් කිරීම. * විශේෂයෙන් සකස් කල මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, අභ්‍යාස මගින් ඉතා වේගයෙන් ප්‍රතිඵල ලබාගත හැකි වීම. * * * Psychotherapy, Cognitive Behavioural Therapy, Dialectical Behaviour Therapy Techniques, Inner Child Healing Exercises, Bibliotherapy, Movie Therapy, Role-play Exercises, Life Coaching Activities, Mindfulness Practice, Buddhist Psychology සහ Systematic Desensitisation Techniques අවශ්‍යය පරිදි යොදාගැනීමෙන්, ඔබට වඩාත්ම සුදුසු විශේ‍ෂ පුහුණු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. .... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * ඔබේ හිතේ හිර කරගෙන සිටි, ඔබ තනිවම වේදනා විදපු ඒ ප්‍රශ්න ගැන විවෘතව කතා කිරීම සහ ඔබේ අවභෝධය පුලුල් කර ගැනීම තුලින්, විශාල මානසික සහනයක් ලැබීම. * ඔබ ඔබට ආදරය කරන්නට පටන් ගැනීම. ඔබේ ජීවිතයට වටිනාකමක් සහ අරමුණක් ලබාදීමට හැකිවීම. ඔබේ හැගීම්, සිතිවිලි සහ හැසිරීම් වල පාලනය ඔබේ අතට ගැනීමට හැකි වීම. * ඔබට ආදරය කරන පුද්ගලයින්ට සාධාරණයක් කරන්නටත්, ඔවුන් සමග අරගල නොකර සතුටින් ජීවිතය රසවිදීමටත් හැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page